කොළඹ නගරාධිපති ධූරයට බල්තසාර් සමඟ සටනට රෝසි එයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට (CMC) තරඟ කිරීමට සැලසුම් කරන බව වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රෝසි සේනානයක මහත්මියගෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් නාමයෝජනා තවමත් අවසන් කර නොමැති වුවද ඇය තරඟ කිරීමට සැලසුම් කරන බව යි සඳහන් කර ඇත්තේ.

ජාතික ජන බලවේගය කොළඹ නගරාධිපති අපේක්ෂකත්වය සඳහා ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය වෙත ලබා දීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය දා අනාවරණය කර තිබුණා.

Latest News

error: Content is protected !!