අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ බව තහවුරු කරමින් අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ සැකකරු ගල්නෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බවයි.

විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණුව ලබමින් සිටි 32 හැවිරිදි වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමෙන් පසු පලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

සැකකරු ගල්නෑව පදිංචි කිරිබණ්ඩලගේ නිලන්ත මධුරංග රත්නායක ලෙස හඳුනාගෙන තිබෙනවා.

සැකකරු මීට පෙර වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වූ දිනට පෙර දින නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

හමුදා සේවයෙන් පලා ගිය 34 හැවිරිදි සැකකරු අද (12) ගල්නෑවේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News

More like this

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...

කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම්...

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...