බලුකිස්තානයේ ප්‍රාණ ඇපයට ගත් දුම්රියේ සිය ගණනක් ගලවා ගනී

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ බෝලාන් පාස්හිදී බලොච් බෙදුම්වාදී කණ්ඩායම පැහැරගත් දුම්රියේ ප්‍රාණ ඇපකරුවන් වූ මගීන් 463 දෙනාගෙන් 155 දෙනෙකු පාකිස්තාන ආරක්ෂක හමුදා විසින් බේරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම පැහැර ගැනීමේදී අවම වශයෙන් ත්‍රස්තවාදීන් 27 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

දුම්රිය මගීන් නිදහස් කර ගැනීම සඳහා ආරක්ෂක අංශ බදාදා (12) “පූර්ණ පරිමාණ මෙහෙයුමක්” දියත් කරනු ලැබුවා. ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතින බලුකිස්තාන් පළාතේ අඟහරුවාදා පස්වරුවේ බෙදුම්වාදී සටන්කාමීන් දුම්රිය මාර්ගයක කොටසකට බෝම්බ හෙලා මගීන් 450 කට වැඩි පිරිසක් සමඟ දුම්රියයක් ප්‍රාණ ඇපයට නතු කර ගත්තා.

ප්‍රාණ ඇපකරුවන් දුසිම් ගනනක් නිදහස් කර ඇති අතර දුම්රිය රියදුරු ඇතුළු සාමන්‍ය වැසියන් තිදෙනෙකුද මිය ගිය අතර සිටී.

එමෙන්ම එරට ආරක්ක්ෂක අංශ ආරංචි මාර්ගවලට අනුව ත්‍රස්තවාදීන් අහිංසක ප්‍රාණ ඇපකරුවන් අසල මරාගෙන මැරෙන බෝම්බකරුවන් ස්ථානගත කර තිබූ බවද වාර්තා වුණා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...