ශ්‍රී දේවි සමඟ ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කළ ‘ඛාන්’

බොලිවුඩයේ මිස්ටර් පර්ෆෙක්ෂනිස්ට් හෙවත් අමීර් ඛාන් වරක් එක් නිළියක් ප්‍රතිල්ෂේප කළා. ඒ නිකන්ම නිකන් තරුවක් නොව ඉන්දියානු සිනමාව බිහිකළ පළමු කාන්තා සුපිරි චරිතයයි. සාමාන්‍යයෙන් ඇ‍ය සමඟ වැඩ කිරීම නළුවෙකුට ලැබිය හැකි භාග්‍යයක් වුණත් අමීර් ඒ කිසිවක් නිසා ඔහුගේ මතය වෙනස් කර තිබුණේ නැහැ.

අමීර් ප්‍රතික්ෂේප කළ ඒ ඉන්දියානු සුපිරි තරුව වූයේ ශ්‍රීදේවිය. පුළුල් රංගන අත්දැකීම් සහ ලොව පුරා විවිධ භාෂාවලින් චිත්‍රපට කර්මාන්ත පුරා ඇති දැවැන්ත රසික පිරිස නිසා ශ්‍රීදේවි යනු තනිවම චිත්‍රපටයක් ධාවනය කිරීමට වුවත් හැකි නිළියක් ලෙසයි සැලකුණේ. 90 දශකයේ නැගී ආ ෂාරුක් ඛාන්, සල්මන් ඛාන් වැනි සුපිරි නළුවන් පවා ඔවුන්ගේ චිත්‍රපට ලැයිස්තුවට ශ්‍රී දේවි සමඟ චිත්‍රපටයක් එකතුකර ගැනීමට ආසාවෙන් හිටියා. නමුත් අමීර් ඛාන් හිටියේ ඊට වෙනස් මතයකයි.

අමීර් ඛාන් ශ්‍රී දේවිව ප්‍රතික්ෂේප කළේ ඔහු ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින් වෘත්තීය සිනමා ජීවිතය ආරම්භ කළ ඔහුගේ මංගල සිනමා පටය වූ Qayamat Se Qayamat Tak චිත්‍රපටයෙන් පසුවය.

අති සාර්ථක ලෙස තිරගත වූ Qayamat Se Qayamat Tak චිත්‍රපටය අමීර්ව එක රැයින් තරුවක් බවට පත් කර තිබුණා. ඒ අනුව එම ජනප්‍රියත්වයෙන් වැඩ ගැනීමට සිතූ නිෂ්පාදකයින් කණ්ඩායමක් එවකට විශාලතම තරුව වූ ශ්‍රී දේවි සමඟ ඔහුව එක් කිරීමට සූදානම් වුවත් අමීර් එය හදිසියේ ප්‍රතික්ෂේප කළ බවයි කියන්නේ. වාර්තාවලට අනුව ඊට පෙර දෙදෙනා එක්ව ඡායාරූප ගැනීමකට පවා පෙනී සිටියා.

වාර්තා පවසන්නේ අමීර් ඛාන් ශ්‍රීදේවි සමඟ වැඩ කිරීමට පසුබට වී ව්‍යාපෘතියෙන් ඉවත් වූ බවයි. ඊට හේතුව වූයේ තමාට වඩා වසර ගණනාවකින් වැඩිමල් ශ්‍රීදේවි සහ ඔහුගේ එක්වීම ප්‍රේක්ෂකයින් එතරම් පිළිනොගනු ඇතැයි අමීර්ට සිතනු නිසා බවයි පැවසෙන්නේ. ඔහු ඒ අවස්ථාවේ අතිශය ජනප්‍රිය වී සිටියේ Qayamat Se Qayamat Tak හි ඔහුගේ වයසට අතිශයින් සමාන ජූහි චවුලා සමඟය. ඉතින් වසර ගණනාවක් වැඩිමල් ශ්‍රී දේවි සමඟ ප්‍රේම කිරීම ඔහුගේ වෘත්තිය අනාගතයට කෙසේ බලපානු ඇත්දැයි අමීර් කල්පනා කළා විය හැකිය.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...