රු 372 හෘද ඖෂධය 72,000ට ආනයනය කළ ඖෂධ නියාමන අධිකාරියේ නිරුවත හෙළි වේ

වර්තමානයේ රුපියල් 372කට මිලිදී ගන්නා හෘද සැත්කම් සඳහා භාවිත කරන ඖෂධයක් පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72,000 කට බව කෝප් කමිටුව හමුවේ ඊයේ (13) අනාවරණය වුණා.

මෙමඟින් විශාල මුදල් නාස්තියක් සිදුව ඇති බවට අනාවරණය වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තියෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇත්තේ එම අවස්ථාවේ මිල සහතිකයේ සඳහන් කර තිබෙන්නේ නිෂ්පාදකයා දුන් මිල ගණන් බවයි.

එය නිවැරදිද අනෙක් රටවල මිල ගණන් සමඟ සන්සන්දනයක් 2019 වර්ෂයේදී සිදුව නැතැයි ඔහු ප්‍රකාශ කර් තිබෙනවා.

මෙම තොරතුරු අනාවරණය වුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම අධිකාරියේ ප්‍රධානින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය.

එමෙන්ම ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පෑ හදිසි ඖෂධ මිලදී ගැනීමට මුවා වී කළ වංචාවලට අදාළ ලැබුණු පැමිණිලි විමර්ශනය කර නැති බව ජාතික ඖෂධ නියාමන අධිකරියේ නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කළා.

මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ වරදක් සිදුව ඇති බව කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!