තලපති විජේ ඉස්ලාම් ආගමට හැරීම

තලපති විජේ ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බවට පුවතක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණේ ඔහු මුස්ලිම් ජාතිකයෙක් මෙන් සැරසී සිටික ඡායාරූප කිහිපයක්ද සමඟයි.

එහෙත් වාර්තාවලට අනුව එම පුවතේ කිසිදු සත්‍යතාවක් නැහැ. එම ඡයාරූප කිහිපය තමිල්නාඩුවේ චෙන්නායි හි ඉෆ්තාර් රැස්වීමක් අතරතුර ලබාගත් ඒවාය.

ජෝසප් විජේ චන්ද්‍රසේකර් නොහොත් තලපති විජේ 2024 පෙබරවාරි 2 වන දින ඔහුගේ තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය දියත් කිරීමත් සමඟ නිල වශයෙන් දේශපාලනයට පිවිසියා.

2024 ඔක්තෝබර් මාසයේදී, TVK සිය මංගල දේශපාලන සමුළුව තමිල් නාඩු ප්‍රාන්තයේ වික්‍රවන්ඩි හිදී පැවැත්වූ අතර එයට 800,000 සිට මිලියන 1.2 දක්වා විශාල ජනකායක් සහභාගී වුණා.

උත්සවය අතරතුර, විජේ සමාජ සාධාරණත්ව මූලධර්ම සඳහා පක්ෂයේ කැපවීම නැවත තහවුරු කළ අතර TVK ද්‍රවිඩ පක්ෂයක් ලෙස ස්ථාපිත කළා. පසුගිය දා ඉෆ්තාර් උත්සවයේ දී ගත් ඡායාරූපකිහිපයක් ඔහු ඉස්ලාම් ධර්මය වැළඳගෙන ඇති බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යවල ප්‍රචාරණය වුණේ මේ අතරතුරදීය.

මේ අතර චෙන්නායි හි පැවති ඉෆ්තාර් උත්සවයේදී මුස්ලිම්වරුන්ට අපහාස කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව පොලිස් පැමිණිල්ලක්ද මේ වන විට ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ. විජේගේ උත්සවය මුස්ලිම් ප්‍රජාවගේ ගෞරවයට විශාල වශයෙන් හානි කිරීමක් බවත් එහි බේබද්දන් සහ කලහකාරීන් රැස් වී සිටි බවට චෝදනා එල්ල කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙනවා. විජේගේ අරක්ෂක්යින් එම ස්ථාන්යේ රැස්ව සිටි මිනිසුන්ට හරකුන්ට ලෙස සැලකූ බවටත් චෝදනා එල්ල වෙනවා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!