රනිල් ඔයා දැන් ප්‍රමාද වැඩියි…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන කතා කිරීම දැන් ප්‍රමාද වැඩි බවත් වාර්තාව මත පදනම්ව රජය ඉදිරි නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පැවසුවා.

අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ පොරොන්දු වූ පරිදි රජය වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ බවත් අප්‍රේල් 10 සහ මැයි මාසවල දින දෙකක විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්ය.

“මේ කාරණය සම්බන්ධයෙන් කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අපි වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරනවා”

එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය කණ්ඩායම විවාදයට එරෙහිව තර්ක කළ බවත් රජය විවාදය සඳහා දිනයක් වෙන් කිරීමට සමත් වූ බව අමාත්‍යවරයා කියා සිටියා.

“රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය සඳහා අපි විවාදය පවත්වමු. ජනතාව සත්‍යය දැනගත යුතුයි”

බටලන්ද සිද්ධිය පිළිබඳව A සිට Z දන්නා පුද්ගලයා හිටපු ජනාධිපති වික්‍රමසිංහ බවත්, මෑතකදී අල් ජසීරා නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එය මතු කරන තුරු ඔහු ඒ ගැන කතා නොකළ බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...