ෂාරුක් ඛාන් ප්‍රතික්ෂේප කළ ‍ඉන්දීය රු ලක්ෂ 50 ක් වටිනා මුද්දක් අමිතාබ් බච්චන් භාර ගත්තා

ගායක මීකා සිං සතියකට එක් වතාවක් හෝ බොලිවුඩ් ලෝකයේ සැඟවුණු රහසක් පිළිබඳ බෝම්බයකින් දමා ගැසීම දැන් පුරුද්දට ගිහින්. මෙවර මීකාගේ කතාව බොලිවුඩ් හි පරම්පරා දෙකක් නියෝජනය කරන ඉහළම තරු යුගලය වන අමිතාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් පිළිබඳවය.

මීකා පවසන ආකාරයට ඔහු වරක් රු ලක්ෂ 50 ක් වටිනා මුද්දක් ෂාරුක්ට අමිතාබ්ට හා ගුර්දාස් මාන්ට තෑගි කර තියෙනවා.

නමුත් කින්ග් ඛාන් එය භාර නොගෙන මීකා වෙත ආපසු දීමට උත්සහ කළ බව ඔහු කියනවා. එය ඉතා මිල අධික තෑග්ගක් බවට අගය කළත් ෂාරුක්ට ඕනෑ වුණේ එය නැවත් මීකාටම ලබා දීමටයි.

එතැන් සිට ෂාරුක් සහ ඔහු අතර මිත්‍රත්වය ඇති වූ ආකාරයත් මීකා හෙළි කරනවා.

නමුත් බොලිවුඩයේ බිග් බී හෙවත් බච්චන් ඉන්දියානු රු ලක්ෂ 50ක් වටිනා මුද්ද ප්‍රතික්ෂේප කර නැහැ. කෙසේ වෙතත් බච්චන් පිළිබඳ සඳහන් කරමින් ඔහු පිළිබඳ ඇති හෘදයාංගම හැඟීම් මීකා විස්තර කර තිබුණේ මෙසේය.

“අපි හැම විටම පන්ජාබි භාෂාවෙන් කතා කරනවා, මගේ උපන්දිනයේදී මට මුලින්ම සුබ පතන්නේ ඔහුයි. ඔවුන් එක් කාල පරිච්ඡේදයක් පමණක් අල්ලා ගන්නේ නැහැ. ඔවුන් මිනිසුන් සහ ඔවුන්ගේ හදවත් අල්ලා ගන්නවා. අපි කොතරම් විශාල වුණත් අපි ඔවුන් ගැන කතා කරන එක නවත්වන එකක් නැහැ”

Latest News

More like this

ඒ ප්‍රකාශයේ යම් වැරද්දක් තියෙනවා… මගේ බිරිඳ මීටත් වඩා සමාව ගන්න ඕන කියලා මම හිතන්නෙ නෑ.. සජීව් රාජපුත්‍ර

කාන්තා පාර්ශවයට සිදුවන බොහෝ අතවරවලට හේතුව වන්නේ ඔවුන්ගේ ඇඳුම්...

ඇස්වලින් ඔරවා පාදඩයින් මට්ටු කිරීමේ කලාව

සජීව් රාජපුත්‍රගේ නෝනා ආසාවටවත් බස් එකක, කෝච්චියක, මහ පාරේ...

අපි කවදාවත් දික්කසාද වෙන්නෙ නැහැ.. එක වහලක් යට ඉන්නත් බැහැ… හිරුණිකා සැමියා ගැන කියයි

ලංකාවේ දේශපාලනේ ප්‍රබල හඬක් නැගීමට තරම් බලයක් තියෙන කාන්තා...

සජිත් ඊයේ මහ රෑ දිලිත්ගේ ගෙදර ගිහින් !

සජබ නායක, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඊයේ (14) රාත්‍රී...