නාසය කැතයි කී පාකිස්තාන විචාරකයාගේ මුහුණ විනාශ කරන බවට තර්ජනය කළ සයිෆ්ගේ පුතාගේ නොමේරූ හැසිරීම

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ගේ පුත් ඊබ්‍රාහිම් අලි ඛාන් මෑතකදී නෙට්ෆ්ලික්ස් හි නිකුත් කරන ලද Nadaaniyan චිත්‍රපටයෙන් බොලිවුඩයට පා තැබුවා. ඒ ශ්‍රී දේවිගේ දියණිය කුෂී කපූර් සමඟය. Nadaaniyan මේ වන විට හොඳ සහ නරක මිශ්‍ර ප්‍රතිචාර ලබමින් තිරගත වන අතර ඊබ්‍රාහිම්, චිත්‍රපටය සහ ඔහුගේ රංගනය විවේචනය කළ පකිස්තාන ජාතික විචාරකයකු සමඟ පැටලැවිල්ලක් ඇති කරගෙන තිබෙනවා.

පාකිස්තාන විචරකයකු වන තමූර් ඉක්බාල් Nadaaniyan හි ඉබ්‍රාහිම්ගේ රංගනය දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඔහුගේ නාසය සම්බන්ධයෙන් ද නිර්දය විවේචන එල්ල කර තිබූ විචාරකයෙකි. කෙසේ වෙතත් එම විවේචන දරා ගැනීමට තරම් පැසුණු හෝ පරිණත නොවූ ඊබ්‍රාහිම් ක්ෂණිකව විචාරකයාට දරුණු ප්‍රහාරයක් එල්ල කර තියෙනවා.

Nadaaniyan චිත්‍රපටය පිළිබඳ විචාරකයාගේ සමාලෝචනය පුද්ගලික හැරීමක් ගත්තේ ඔහු ඊබ්‍රාහිම්ගේ ශාරීරික පෙනුම විශේෂයෙන් ඔහුගේ නාසය පිළිබඳව නොගැලපෙන ප්‍රකාශයක් කළ බැවිනි. කෙසේ වෙතත් හදිසි වූ ඊබ්‍රාහිම් එම විචාරකයාට ඔබ කුණු කෑල්ලක් යැ‍යි පවසමින් හා ඔහු පාරකදී හමුවුවහොත් ඔහුගේ මුහුණ විනාශ කරන බවට දරුණු ප්‍රතිචාරයක් එල්ල කර තිබුණා. පාකිස්තාන විචාරකයා කළේ ඔහුගේ එම තර්ජනයෙහි ස්ක්‍රීන් ෂොට්ස් ඉන්ස්ටග්‍රෑම්හි පළ කිරීමයි. ඒ සමඟ බොහෝ දෙනාගේ විවේචන එල්ල වූයේ ද ඊබ්‍රාහිම් වෙතයි.

ඊට පිළිතුරු දෙමින් විචාරකයා මම ඔබගේ තාත්තගේ රසිකයෙක් කරුණාකර ඔහුව පහතට ඇද දමන්න එපා යැයි ප්‍රකාශ කර තිබුණා. මෙම සටන සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් බවට පත් වී ඇති අතර හැඟීම් පාලනය කර ගැනීම පිළිබඳ ඔහුට කියා දෙන්න යැයි සයිෆ් සහ ඔහුගේ සුළු මව වන කරීනාගේ අවධානයට ද මෙය යොමු කර තියෙනවා.

මාර්තු 7 වන දින Netflix හි නිකුත් කරන ලද Nadaniyan චිත්‍රපටය, කුෂි කපූර් සමඟ ඊබ්‍රාහිම් අලි ඛාන්ගේ බොලිවුඩ් මංගල දර්ශනය සනිටුහන් කළා. චිත්‍රපටය පූර්ව ප්‍රචාරණයේ සිට විශාල ලෙස කතා බහට ලක් වුණත් ප්‍රේක්ෂකයින් දිනා ගැනීමට සමත් වුණේ නැහැ.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!