පල්ලිවලට පහර දුන් අයට පාස්කු දිනයේ දී සමාව දෙන්න… රජය කිතුනුවන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව දේදුනු ජාතියක් බවට පත් කිරීම සඳහා රටට සුවපත් කිරීමේ සහ සමාව දීමේ සත්‍ය කොමිසමක් අවශ්‍ය බව ආගමික කටයුතු සහ බුද්ධ ශාසන අමාත්‍ය සුනිල් සෙනවි අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

සුවපත් කිරීමේ සහ සමාව දීමේ සත්‍ය කොමිසම පිහිටුවීමේදී තම අමාත්‍යාංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවයි ඔහු අවධාරණය කළේ.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කළාක් මෙන් එකිනෙකාට සමාව දිය යුතු බව ඔහු සඳහන් කළා.

“අප්‍රේල් 21 වන දින ළං වෙමින් පවතින අතර එදින පල්ලිවලට පහර දුන් අයට කිතුනුවන් සමාව දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” 2025 අයවැය යෝජනාවලට අදාළව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ විවාදයට ගත් අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!