පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවේ තුන්වැනි සැකකාරිය ආශාට වරෙන්තු

2021 වසරේ දී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති මිසිස් වර්ල්ඩ් තරඟයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කළ බවට චෝදනා එල්ල වන නඩුවේ තුන්වන සාක්ෂිකාරිය වන ආශා බස්නායකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඊයේ (17) වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

හිටපු මිසිස් වර්ල්ඩ් කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චූලා පද්මේන්ද්‍රා සැකකරුවන් ලෙස නම් කර මෙම නඩුව පවරා තිබුණා.

මීට පෙර, මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති වන චන්දිමාල් දැනටමත් අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබා දී තිබෙනවා. පෙර අධිකරණ සැසියේදී සාක්ෂි දීමට ආශා බස්නායක කැඳවා තිබූ අතර ඇය අධිකරණයේ පෙනී සිටීමට අපොහොසත් වූ බැවින්, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...