රනිල්ට ගැලවීමක් නෑ.. බටලන්ද ගැන සාක්ෂි දීමට තවත් සාක්ෂිකරුවන් රැසක් පෝළිමේ

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් සාක්ෂි දීමට තවත් සාක්ෂිකරුවන් සිටින බවත් එම සාක්ෂි ඉදිරිපත් කළහොත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් නොව සිද්ධියට සම්බන්ධ අනෙක් අයටද නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (17) ප්‍රකාශ කළා.

ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ උදෑසන ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී ජාතික ජන බලවේගයේ නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින්.

බටලන්ද කොමිෂන් වාර්තාව පිළිබඳ මෑතකදී කළ ප්‍රකාශයේදී පවා රනිල් වික්‍රමසිංහ තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප නොකළ බව ටිල්වින් සිල්වා එහිදී සඳහන් කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේදී බටලන්ද කොමිසම පත් කරන ලද අතර කොමිෂන් වාර්තාවේ සාක්ෂිකරුවන් හැර කඳවුරේ වධහිංසාවට ලක් වූ බොහෝ දෙනෙක්, සාක්ෂිකරුවන් සහ පොලිස් නිලධාරීන් පවා සාක්ෂි දීමට සූදානමින් සිටින බව ප්‍රධාන ලේකම්වරයා කියා සිටියා.

විවිධ විවේචන තිබියදීත් බටලන්ද සිද්ධියට එරෙහිව රජය පියවර ගන්නා බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

“චෝදනා වර්ග දෙකක් තියෙනවා. රනිල් පාර්ශවය එය මඩ ප්‍රචාරක ව්‍යාපාරයක් බව චෝදනා කරන අතර අනෙක් පාර්ශවය පවසන්නේ රජය රනිල්ට දඬුවම් නොකරන බවයි. එය කිසි විටෙකත් සිදු වන්නේ නැහැ. නමුත්, අපි මඩ ගැසීම හෝ පළිගැනීම සිදු කරන්නෙත් නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා පමණයි” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News

More like this

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...