බටලන්ද කොමිෂන් සභාවට රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බලයක් නෑ.. රනිල්ට ලැබෙන දඬුවම මෙන්න

1948 අංක 14 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පත්කරනු ලැබූ බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දඬුවම් කිරීමට ඇති හැකියව මේ වන විට අවධානයට ලක් වන්නකි.

කිසියම් තැනැත්තෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බටලන්ද කොමිෂන් සභාවට හැකියාවක් තිබේද?

මහාචාර්ය හා නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ බටලන්ද කොමිෂන් සභාවට එවැනි දඬුවම් නියම කිරීමේ හැකියාවක් නොමැති බවයි.

කෙනෙකුගේ සිවිල් අයිතිය හෝ ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්කේ 1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත යටතේ සිදු කළ කොමිෂන් සභාවක් නම් පමණයි. බටලන්ද කොමිෂන් සභාව එම පනත අනුව පිහිටවූ කොමිසමක් නොවේ.

1978 අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනත යටතේ පත් කරන කොමිෂන් සභාවල නිර්දේශ අනුව පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් පවත්වා අදාළ පුද්ගලයන්ගේ සිවිල් හෝ ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව පවතී.

කෙසේ වෙතත් බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරියේදී ජනතාවගේ ජීවත්වීමේ අයිතිය නිදහස් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් යම් සාධනීය වෙනස්කම් වූ ප්‍රතිසංස්කරණ කළ හැකි අතර ප්‍රමාණවත් සාක්ෂි පවතින්නේ නම් පමණක් අදාළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමේ හැකියාව නීතිපතිවරයාට හිමි වේ.

කොමිෂන් සභාවක වාර්තාවක් ජනාධිපතිවරයාට භාර දුන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් මෙතෙක් කාලයක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාව මැති සභාවට ඉදිරිපත් නොකරන තත්ත්වය යටතේ වර්තමාන රජය එය ඉදිරිපත් කිරීම ඓතිහාසික වරදක් නිවැරදි කිරීම පමණක් බව මහානාමහේවා මහතා පවසනවා.

මේ අතර ජනාධිපති කොමිෂන් සභා විස්සක පමණ වාර්තා තවමත් හමස් පෙට්ටියේ පවතින බවද ඔහු පෙන්වා දී තියෙනවා.

උදුලාගම කොමිෂන් සභා වාර්තාව, මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව, ලලිත් ඇතුළත් මුදලි ඝාතන කොමිෂන් සභා වාර්තාව, විජය කුමාරණතුංග ඝාතන කොමිෂන් සභා වාර්තාව, ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිෂන් සභා වාර්තාව ඉන්කිහිපයක් පමණි.

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!