ශ්‍රද්ධාට 22යි.. අනුෂ්කාට 24යි.. කත්‍රිනා 31 යි.. අලියාට 32 යි.. බොලිවුඩ් නිළියන්ගේ ඇහුවොත් ෂොක් වෙන ඇත්තම වයස

මෑතකදී ඉන්දීය සමාජ මාධ්‍යකරුවකු වන වන නිඛිල් ත්‍රිපාති ජපන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු වන රිකීගෙන් ඉන්දියානු නිළියන්ගේ වයස පිළිබඳ විමසීමක් කළා. එහිදී රිකී එම නිළියන්ගේ වයස් අනුමාන කළ නමුත් ඔවුන්ගේ සැබෑම වයස් දැනගත් විට ෂොක් වුණා වගේම ඔහු ලබා දුන් පිළිතුරු ඔවුන්ගේ සැබෑ වයස් දන්නා අපිවද ෂොක් කරවන සුළු වීය.😄

මෙහිදී රිකීගෙන් ඉල්ලා තිබුණේ ශ්‍රද්ධා කපූර්, ආලියා භාත්, අනුෂ්කා ෂර්මා සහ කත්‍රිනා කයිෆ් යන අයගේ වයස අනුමාන කරන ලෙසයි. මුලින්ම රිකී ශ්‍රද්ධාගේ වයස අනුමාන කළේ අවුරුදු 22ක් කියාය. ශ්‍රද්ධාට වයස අවුරුදු 22 ක් වූයේ දශකයකටකත් එපිටෙන් වන අතර ඇය උපත ලැබුවේ 1987 වසරේ මාර්තු 03 වැනිදාවක බැවින් ඇගේ මේ වන විට සැබෑ වයස 37ක් බව රිකීට දැනගන්නට ලැබුණු විට ඔහු පුදුම නොවී සිටීමට හැකි වුණේ නැහැ.

“No way! Damn, she is beautiful.” කොහෙත්ම නෑ අපොයි ඇය ලස්සනයි. රිකීගේ මුවින් පුදුමය එළියට පැන්නේ ඒ විදියට. හැබැයි ප්‍රශ්ණය ආවේ ආලියාගේ වයස ඇහුවම. එතනදි ඔහු ආලියාගේ සැබෑම වයසට වඩා ඇයව වැඩිමහල් විදියට දැකීම තමයි ප්‍රශ්ණය වුණේ. ඔහු ආලියාට අනුමාන කළේ වසය 32ක්. ඒත් ඇත්තටම ආලියා 31 ඉඳන් 32 ලබලා තාම ලොකු කාලයක් නෑ. මෙතන සඳහන් වුණු අනිත් නිළියන්ට වඩා ලාබාලම කෙනා ආලියා වුණත් රිකී ඇයට වැඩි වයසක් තමයි අනුමාන කළේ.

අනුෂ්කාගේ වයසත් ඔහුව කන්ෆියුස් කළා. “මට ඇත්තටම තේරෙන්නේ නැහැ” කියලා යි ඔහු කියන්නේ. ඊට පස්සේ ඔහු කියනවා ඇයට 24 ක්වගේ පෙනුමක් තියෙන්නේ කියලා. ඇයට අවුරුදු 36 ක් කිව්වම ඔහු නැවතත් පුදුම වුණා. “අවංකවම, ඇයට වයස 36ක් පේන්නේ නැහැ. ඇය පෙනුනේ අවුරුදු 24ක් වගේ. ඉන්දියානුවන් පුදුමයි… ලස්සනයි.”

ඔහු කත්‍රිනාට වයස අනුමාන කළේ 31 ක් ලෙසයි. ඇයට 41 ක් කිව්වම නම් ඔහුට ඒක විශ්වාස කරන්නත් අමාරුයි කිලයයි තමයි කියන්නේ. “Seriously? She’s beautiful, super beautiful.” යැ‍යි කියමින් ඔහු පුදුමය ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...