දේශබන්දු හොයාගන්න බැරිවෙලා.. හෝකන්දර නිවසේ විස්කි බෝතල් 120ක් විතරක් හොයාගෙන

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අතුරුගිරිය හෝකන්දර නිවසේ තිබී විස්කි බෝතල් 120ක් සොයා ගත් බව අතුරුගිරිය පොලිසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (18) මෙම නිවස පරීක්ෂා කළ අවස්ථාවේ මෙම විස්කි බෝතල් 120 සොයාගත් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර සෝදිසි කිරීමේ වරෙන්තුවක් නැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තම නිවස පරීක්ෂා කරන ලදැයි චෝදනා කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර තියෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියූ පිරිස තම නිවසට පැමිණ නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව පැවසූ අවස්ථාවේ ඒ සඳහා අධිකරණයෙන් සෝදිසි කිරීමේ නියෝගයක් තිබෙනවාදැයි තමා විමසූ අවස්ථාවේ එම නියෝගය නොපෙන්වා බලහත්කාරයෙන් තම නිවස සෝදිසි කිරීමට කටයුතු කළ බව ඇයගේ පැමිණිල්ලේ සඳහන් ය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යැයි කියාගත් නිලධාරීන් ඊයේ (18)උදෑසන 9.30ට පමණ නිවෙසට පැමිණ පැය තුනකට වැඩි කාලයක් නිවෙස සෝදිසි කිරීම කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!