ඉමිතියාස් බාකිර් මාකර් සජබ තනතුරු සියල්ල අත් හරී

සමගි ජන බලවේගයේ සභාපතිධුරය ඇතුළු තනතුරු කිහිපයක් දැරූ ප්‍රබල දේශපාලනඥයකු වන ඉමිතියාස් බාකීර් මාකර් එම සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.

මෙම තීරණය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ සභාපතිධුරයට අමතරව බාකීර් මහතා, පක්ෂයේ කෘත්‍යාධිකරි මණ්ඩලයේ සහ කළමනාකරණ කමිටුවෙන්ද ඉවත්ව ඇති බව සඳහන්ය.

තනතුරු අත් හැරියද තමන් තවදුරටත් සමඟ ජන බලවේගය සමඟ රැඳී සිටිමින් අවශ්‍ය සහයෝගය දෙන බවයි ඔහු පවසන්නේ.

ඉමිතියාස් බාකිර් මාකර් මහතා විසින් පක්ෂයේ ප්‍රතිසංවිධානය සහ ඉදිරි ගමන වෙනුවෙන් මීට පෙර අවස්ථා දෙකකදී පක්ෂ නායකත්වය වෙත යෝජනාවලියක්ද ඉදිරිපත් කරනු ලැබුවා.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...