සැඟවී සිටි දේශබන්දු අධිකරණයට….

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් වුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණ ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා (17) තීන්දු කර තිබුණා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කළා.

අද (19) පෙරවරුවේ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණේ මෙම වාතාවරණය යටතේය.

Latest News

error: Content is protected !!