ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණයේ නැවුම් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට සුප්‍රීම් ටීවී විසින් හඳුන්වා දෙන නවතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) සෑන්ඩ්බ්‍රික්ස් (“SANDBRIX”) නුදුරේදීම දියත් කිරීමට නියමිතය.
එළෙඹෙන IPL 2025 ක්‍රිකට් සැණකෙලියට සමගාමීව එම තරගාවලිය නොමිලේ විකාශය කරමින් සෑන්ඩ්බ්‍රික්ස් (“SANDBRIX”) ජනගත කෙරෙනු ඇත.
පන්දුවෙන් පන්දුවට ක්‍රීඩාගාරයේ සිට තරග නරඹන ආස්වාදය පිරිනමන මෙන්ම සෑම විකාශයකදීම ගෙවන මුදලට නිසි ප්‍රමිතියෙන් යුත් සේවාවන් සපයන අන්තර්ජාල රූපවාහිනි සේවාවක් වශයෙන් සුප්‍රීම් ටීවි සමාගම සිය නවතම සේවාව හඳුන්වා තිබේ.
උසස් තත්ත්වයේ රූ දසුන් සමගින් ලොව සුපිරි චිත්‍රපට, ටෙලි නාට්‍යය, සංගීත වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, වාර්තාංග හා රූපවාහිනී වැඩසටහන් Sandbrix (සෑන්ඩ්බ්‍රික්ස්) හරහා විකාශය කෙරෙනු ඇත.
SUPREME TV සමාගම නවීනතම තාක්ෂණික භාවිතාවෙන් බල ගැන්වූ SANDBRIX (සෑන්ඩ්බ්‍රික්ස්) හඳුන්වා දෙන්නේ ලොව අන්තර් ජාල රූපවාහිනී සේවා ක්ෂේත්‍රයයේ විප්ලවීය ක්‍රියාකරුවකු වන Andbrix සමාගම සමඟ එක් වෙමිනි.
දුරකථන, ටැබ්, පරිඝණක වැනි ඕනෑම ඩිජිටල් උපාංගයන් භාවිතයෙන් Sandbrix හා සම්බන්ධ වීමේ හැකියාව පවතී.
මෙම සුපිරි තාක්ෂණික සන්නාමයේ එළිදැක්වීම වෙනුවෙන් සිය අදහස් එක් කළ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්. සමාගමේ සභාපති ආර්. එම්. මනිවන්නන් මහතා දැක්වූ අදහස් මෙසේය.
“එතෙක් මෙතෙක් ඒකීය රේඛාවක ගලා ගිය ඇල් මැරුණු රූපමය විනෝදාස්වාදය සැපයීමේ ක්‍රමෝපායන් සුණු විසුණු කරමින් ප්‍රේක්ෂකාගාරය අවදි කරමින් එළි දකින සෑන්ඩ්බ්‍රික්ස් (Sandbrix) ඩිජිටල් විනෝදාස්වාදයේ විප්ලවයක් වන අතර එහි නැවුම් භව, විශිෂ්ටත්වය මුළින්ම ඔබට අත්දකින්න සලස්වන්නේ අයි.පී.එල්. 2025 සමගිනි. නමුත් මෙය ආරම්භක් පමණි..
අපගේ දැක්ම වන්නේ වර්තමාන ප්‍රේක්ෂකාගාරය අනාගතවාදී තාක්ෂණයන් සමගින් සම්බන්ධ කරමින් ඔවුන් ගේ රස වින්දනය වඩාත් ඉහල තලයකට ගෙන එමින් වඩාත් සුපිරි අත්දැකීමක් ඔවුන්ට ලබා දීමයි.. අප නිරන්තරයෙන්ම අපගේ මෙම හඳුන්වාදීම දිනෙන් දින උසස් ප්‍රමිතියෙන් සන්නද්ධ කරන අතර අපගේ ප්‍රේක්ෂකාගාරයේ ඉල්ලීම් මත යාවත්කාලීන කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ ඩිජිටල් විනෝදාස්වාදය සපයන ශ්‍රී ලංකාවේ සුපිරිතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) ලෙසින් Sandbrix සේවාව ලබා දීමට සූදානමින් සිටින්නෙමු”.
වැඩි විස්තර සඳහා සහ සේවාව අත්විඳගන්න www.sandbrix.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.