මලයාලම් භාෂාවෙන් ලොකු සහෝදරයා “ඉචක්කා” යනු මෝහාන්ලාල් විසින් මම්මූටි වෙත ඔහුගේ ගැඹුරු බැඳීම ප්‍රකාශ කිරීමට භාවිත කරන වචනයකි.
එකම ක්ෂේත්‍රයක වසර ගණනාවක් ඔවුන් එකිනෙකා අභිබවා ගියේ රංගන කෞෂල්‍යයෙන්ම පමණක් වන අතර සැබෑ ජීවිතයේ ඔවුන් එකම මවකට දාව උපන් සහෝදරයින් දෙදෙනෙකු තරම්ම සමීප වුණා. මලයාලම් සිනමාවේ කුළුනු දෙක ලෙස බොහෝ විට හඳුන්වන ඔවුන් ක්ෂේත්‍රයේ අවුරුදු 40 ක් ඉක්මවූ මිත්‍රත්වයක් හා සහෝදරත්වයක් භුක්ති විඳින අතර චිත්‍රපට 53ක එකට තිරය බෙදා ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා එක්ව නිෂ්පාදනය කළ චිත්‍රපට 5 ඔවුන්ගේ මිත්‍රත්වයේ සංකේතයක් පමණි.
මේ වන 73 වැනිවියේ පසුවන මම්මූටිගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදෘෂ්‍යමාන වාර්තා පළවීමට පටන් ගැනුණු අතර ඒවායින් කියැවුණේ ඔහු බඩවැල් ආශ්‍රිතව පිළිකාවකින් පෙළෙන බවයි. මොහාන්ලාල්ගේ මෑත කාලීන ෂබරිමාලා කෝවිලේ සංචාරය හුදෙක් අධ්‍යාත්මික ගමනකට වඩා වැඩි දෙයක් ලෙස ඉස්මතු වුණේ එම ආරංචිත් සමඟයි. එය ගැඹුරු පෞද්ගලික මිත්‍රත්වය වෙනුවෙන් එනම් මම්මූටිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීමේ පරම චේතනාවෙන් ඔහු කළ ගමනක් බවයි සැලකුණේ.
අන්තර්ජාලය හරහා සංසරණය වූ වාර්තා සහ වීඩියෝවලට අනුව, මලයාලම් සුපිරි තරුව කඳුකර සිද්ධස්ථානයේදී යාඥාවන්ට එක් වූයේ මම්මූටිගේ නාමයෙන් යාඥා කිරීම වෙනුවෙනි.
ඔහුගේ සංචාරය අතරතුර මොහාන්ලාල් ‘නීරංජනම්’ චාරිත්‍රයටද එක් වුණා. මම්මූටිගේ උපන් නම වන මුහම්මද් කුට්ටි සහ ඔහුගේ තරු ලකුණ වන විශාඛම් යටතේ ආශිර්වාද ඇයද සිටි බව වාර්තාවල සඳහන්ය.
කෝවිලට නැඟීමට පෙර මොහාන්ලාල් පම්බා හි ගණපති කෝවිලේ නතර වී සාම්ප්‍රදායික චාරිත්‍ර සම්පූර්ණ කළ බවද සඳහන්ය. ඔහු පිටත්ව යාමට පෙර නෙයියාභිෂේකම් උත්සවයට සහභාගී වූ බව වාර්තාවල දැක්වෙනවා.
මෙම සංචාරය සිදුවන්නේ ප්‍රිත්විරාජ් සුකුමාරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද Lucifer හි බොහෝ දෙනා අපේක්ෂා කළ අනුප්‍රාප්තිකය වන L2: Empuraan නිකුත් වීමට සති කිහිපයක් ඉතිරිව තිබියදීය.
මෝහන්ලාල්ගේ ආගමික වත් පිළිවෙත් මම්මූටි සමඟ ඔහුගේ මිත්‍රත්වය සිනමාව ඉක්මවා යන බව සංවේදී මතක් කිරීමක් බවට එසේ වාර්තා පළ වුවත් මම්මූටිගේ කළමනාකරුවන් මේ වන විට ඔහුට පිළිකාවක් වැලඳී ඇති බවට පැතිර යන කටකතා ප්‍රතිෂේප කර ඇති අතර ඔහු රාමාසාන් නිවාඩුව ගතකරමින් සිටින බවයි පවසා ඇත්තේ. රූගත කිරීම් කාල සටහනෙන් මද විවේකයක් ලබා ගත්තද ඔහු නුදුරේදීමමොහාන්ලාල් සමඟ මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා නැවත එක්වනු ඇති බවයි සඳහන් වන්නේ.