දරුවන් දෙදෙනෙකු සිටින විවාහකයකු නිසා වැළකී ගිය සුපිරි නළුවාගේ හා ශ්‍රී දේවිගේ විවාහය

සිනමාවේ තිරයෙන් එපිට සිදු නොවූ විවාහ පිළිබඳ කතා අනන්තවත් අනන්තයි අප්‍රමාණයි. ඉන්දීය සිනමාවේ සදාකාලික සිහින තරුව වූ ශ්‍රී දේවි ගැන එවැනි කතා අපි අහලා තියෙනවා. ශ්‍රී දේවිව විවාහ කර ගැනීමට කැමැත්තෙන් සිටි රජිණි කාන්ත් විවාහ යෝජනාව රැගෙන ගෙදරටම ගිය අවස්ථාවේ ශ්‍රී දේවිගේ නිවසේ විදුලිය විසන්ධි වූ බැවින් ආපසු හැරී ආ කතාව අපි අසා ඇති එවැනි එක් රසවත් කතාවකි.

ශ්‍රී දේවි ඉන්දීය සිනමාවේම අධ්‍යක්ෂ බොනී කපූර් සමඟ විවාහයට පෙර සිදුවීමට ඉඩ තිබූ එවැනි තවත් විවාහයක් කැඩී බිඳී ගොස් තිබුණා.

ඒ ඇයට විවාහ වීමට බල කෙරුණු එකල තෙළිඟු සිනමාවේ දක්ෂ නළුවා දරුවන් දෙදෙනෙකු සිටින විවාහකයකු බව දැන ගැනීම නිසාය. ඇත්තටම එම විවාහය ශ්‍රීදේවිටත් වඩා ඇගේ මවට දකින්නට ඕනෑ වූ විවාහයකි.

ප්‍රවීණ ටොලිවුඩ් නළු මුරලි මෝහන් 80 සහ 90 දශකවල ඉමහත් කීර්තියක් දිනාගත් නළුවෙකි. ඔහු 1973 දී සිනමාවට පැමිණ ඉක්මණින් ජනප්‍රියත්වයට පත් වූ අයෙක්. චිත්‍රපට 350 කට අධික සංඛ්‍යාවක පෙනී සිටි ඔහු තෙළිඟු සිනමාවට සැලකිය යුතු හා කල් පවතින බලපෑමක් ඇති කළ නළුවෙක් ලෙසයි සැලකෙන්නේ.

රංගන දිවියට අමතරව මුරලි මෝහාන් දේශපාලනය, ව්‍යාපාර සහ නිෂ්පාදනය යන ක්ෂේත්‍රවලද නිරත වූ අතර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ද කීර්තියක් දිනාගත්තෙකි. මේ නිසාම ධනවත් ජනප්‍රිය නළුවෙකු වු මුරලි ශ්‍රී දේවි හා විවාහ වනු දැකීමට ශ්‍රී දේවිගේ මව කැමති වුණා.

මෑත සම්මුඛ සාකච්ඡාවකදී මුරලි මෝහන්, ජනප්‍රිය නිළි ශ්‍රීදේවි පිළිබඳ මේ කම්පන සහගත හෙළිදරව්ව කරමින් ශ්‍රීදේවිගේ මවට වරක් ඔහු තම බෑණා වීමට අවශ්‍ය වූ බව සිහිපත් කර තිබුණා. ඇත්ත වශයෙන්ම ඇය ශ්‍රීදේවිව ඔහුගේ නිවසට රැගෙන ගොස් ඔහුගේ මහේශාක්‍ය ජීවිතය පෙන්නුම් කිරීමට පවා උත්සහ කළ බවයි ඔහුගේ කතාවෙන් කියැවුණේ.

ඒ කාලය තුළ ශ්‍රීදේවි කර්මාන්තයට පිවිසියා පමණකි. මුරලි මෝහන් ඒ වන විටත් ක්ෂේත්‍රයේ ස්ථාවර වී සිටියා. කෙසේ වෙතත් ඔහු ඒ වන විටත් විවාහ වී සිටි අතර දරුවන් දෙදෙනෙකුගේ පියකු බවයි පැවසුණේ. ශ්‍රීදේවිගේ මව මේ ගැන දැනගත් විට ඇය එම යෝජනාව වහාම ප්‍රතික්ෂේප කළ බව සඳහන්ය.

ශ්‍රීදේවි පසුව බෝනි කපූර් සමඟ විවාහ වූ අතර ඇය ජාන්වි සහ කුෂි කපූර් යන දියණියන් දෙදෙනෙකු බිහි කළා. හොඳම කාරණය වන්නේ බොනී කපූර්ද ඒ වන විට විවාහකයකු වූ අතර ඔහුට ද දරුවන් දෙදෙනෙකු සිටීමයි.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!