වෙලාවකට හිනායන්නෙ සමහර ප්‍රකාශවලට නෙවෙයි ඒක කියපු එකා දැක්කම

මේ රට සිංගප්පූරුව කරන්න තව අවුරුදු 65ක් වත් යාවි නාමල් පාර්ලිමේන්තුවේදී හරිම ශෝකෙන් කතාවක් කරනවා දැක්කා.

අපට වෙලාවකට හිනා යන්නේ සමහර ප්‍රකාශවලට නෙවෙයි. ඒව ප්‍රකාශ කරපු උන් දැක්කම.

නාමල් පාර්ලිමේන්තුවේ දී මේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය කරන්නේ ආණ්ඩුවට දාන කිණ්ඩියක් විදියට.

හැබැයි ඉතින් මේ වගේ ප්‍රකාශ ඇතුළේ කෝචොක් වෙන්නෙ තමන්වමයි කියල තේරෙන්න තරම් හයක් හතරක් නොතේරෙන දරුවෙක් තමයි නාමල් කියන්නේ.

මිනිහට පාර්ලිමේන්තු පුටුවෙන් නැගිටලා කතාවක් කරනකොට අමතකයි එයාගෙ තාත්තාලා බාප්පිලා එයාල මල්ලිලා ඇතුළු සනුහරේ එකතුවෙලා අවුරුදු 15ක් විතර සැරෙන් සැරේ මේ රට පාලනය කරා කියලා.

අනේ ඩී.වී චානක හරි මොකා කමක් නෑ… නාමල් ඔය වගේ කතා කියනකොට පොඩ්ඩක් කොනිත්තපල්ලකෝ අහැරෙන්න. ගෙදර හිටපු බල්ලෝ පවා සිංගප්පුරු එක්ක ගිහින් උන්ටත් සිංගප්පුරුව පෙන්නලා රට බංකොලොත් කරපු අය කියනවා මේ රට සිංගප්පූරුවක් කරන්න තව අවුරුදු 65ක්වත් යයි කියලා. ඔව් හිටියනම් දැන් මෙලහකටත් මේකේ සිංගප්පූරුව පහළ වෙලා…

ඒ අස්සේ අහනවා හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම් කප්පාදු කරලා ඉතුරු වුණු ගාණ කියන්නලු… ඉතුරු වෙච්ච ගාණ දැනගෙන මෙච්චර කල් වියදම් වෙච්ච ගාණ භාණ්ඩාගාරයට පියවන්නද අහන්නේ?… අනේ චානක පාර්ලිමේන්තු ආව යුතුකමවත් ඉෂ්ඨ කරන්න ඔන්න ඔය මනුස්සයව පොඩ්ඩක් කොනිත්තනවකෝ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...