කුච් කුච් හෝ තාහේ චිත්‍රපටයේ රාණි මුඛර්ජිගේ භූමිකාව භාර ගැනීම ප්‍රතික්ෂේප කළ අයිශ්වර්යාට අත් වූ ඉරණම

1998 දී තිරගත වූ කුච් කුච් හෝතා හේ චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය වූ ජනප්‍රියම චිත්‍රපටවලින් එකකි. ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, රාණි මුකර්ජි සහ කාජල්ගේ අපුරු සංකලනය එහි ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වීමට හේතුවුණා.

එහි ප්‍රබල චරිතයක් වූ ටීනාගේ චරිතයට රාණි මුකර්ජි සම කළ නොහැකි සාධාරණයක් ඉටු කළ ද කරන් ජෝහර්ගේ පිටපතේ මුලින්ම ටීනා වූයේ ඇය නොවේ. කරන් ටීනාගේ චරිතය නිර්මාණය කළේ ට්ව්න්කල් ඛන්නා ඔලුවේ තබාගෙනයි. ඊට අමතරව උර්මිලා මතෝද්කාර් සහ තාබු වෙතටත් ඔවුන්ගේ අවධානය යොමු වුණා. බොලිවුඩ් අධ්‍යක්ෂවරයකු ලෙස කරන් ජෝහර්ගේ ප්‍රථම සිනමා ආගමනය වූ චිත්‍රපටයේ එම චර්තය භාරගැනීම ඔවුන් සියලු දෙනා ප්‍රතික්ෂේප කර තිබුණා. පසුව එය වෙනස් වී එම අවස්ථාව අයිශ්වර්යා වෙත මාරු වුණා.

අයිශ්වර්යාට මෙම අවස්ථාව හිමිවන විට ඇය බොලිවුඩයට පැමිණ චිත්‍රපට තුනක තරම් කුඩා වයසක් වූ අතර ඇය ද කුච් කුච් හෝ තා හේ චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා.

සිනමාවේ ඇගේ මුල් අවධියේ ඇය පමණටත් වඩා දේවල් සිතන්නියක් වූ අතර කොටට අඳින, නටන දඟලන ටීනාගේ චරිතයට ඇය සුදුසු නොමැති බව බොහෝ විට ඇය එම චරිතය කළහොත් ඇය දැඩි විවේචනයට ලක් වෙතැයි ඇය කල්පනා කර තිබුණා. නිරූපන ක්ෂේත්‍රයේ සිටි කාලයේ දේම නැවත කිරීමට පැමිණ ඇති බවට ඇයට විවේචන එල්ල වෙතැයි ඇය සිතුවා.

රාණිගේ නම මෙම චරිතය සඳහා නිර්දේශ කළේ චිත්‍රපට නිෂ්පාදක ආදිත්‍ය චොප්රා බව කරන් හෙළි කර තිබුණා. ඇය ද ඒ සඳහා තෝරා ගැනීමට මාස ගණනාවක් ගත වූ බවයි කරන් පවසා තිබුණේ.

එම ප්‍රතික්ෂේප කිරීමෙන් බොලිවුඩයේ දැවැන්ත අධ්‍යක්ෂවරයකු ලෙස ස්ථාපිත වූ කරන් ජෝහර්ගේ චිත්‍රපටයක වැඩ කිරීමට අයිශ්ට වසර 17 ක් බලා සිටීමට සිදු වුණා.. 2016 දී ඔහුගේ “ඒ දිල් හේ මුෂ්කිල්” චිත්‍රපටයේ අයිශ්වර්යා අධ්‍යක්ෂණය කිරීමට කරන් සමත් වුණා. මෙම චිත්‍රපටයේ අයිශ්වර්යා රංගනයෙන් දායක වුණේ රන්බීර් කපූර් සහ අනුෂ්කා ෂර්මා සමඟය.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!