බොලිවුඩයේ සිට කොලිවුඩ්, ටොලිවුඩ්, මොලිවුඩ් දක්වා ප්‍රේක්ෂකයින්ගේ හදවත් පාලනය කරන්නේ නළු නිළියන් කිහිප දෙනෙකි. මෑතක් වනතෙක් එම ලැයිස්තුවල ඉහළින්ම වැජඹුණේ ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, අමීර් ඛාන්, ආක්ෂේ කුමාර් රන්බීර් කපූර්, රන්වීර් සිං වැනි බොලිවුඩ් නළුවන්ය. රජිනි කාන්ත් තලපති විජේ, ධනුෂ් දකුණු සිනමාවේ ඉදිරියෙන්ම සිටියත් දැන් එම ලැයිස්තුවේ අංක එකේ ස්ථානගත වෙමින් පවතින්නේ ප්‍රධාන වශයෙන් දකුණේ නළුවන්ය.
ළගදී නිකුත් කළ Ormax මාධ්‍ය වාර්තාවට අනුව ඉන්දියාවේ ජන්ප්‍රියනම නළුවන් 10 දෙනාගේ ලැයිස්තුව මෙයයි.
- ප්‍රභාස්
- තලපති විජේ
- අල්ලු අර්ජුන්
- ෂාරුක් ඛාන්
- රාම් චරන්
- මහේෂ් බාබු
- අජිත් කුමාර්
- ජූනියර් NTR
- සල්මන් ඛාන්
- අක්ෂේ කුමාර්
සුපිරි දසදෙනාගේ ලැයිස්තුවේ හතක්ම නියෝජනය කරන්නේ දකුණයි. මේ අතර සිටින්නේ බොලිවුඩ් නළුවන් තිදෙනෙකු පමණක් වීමද විශේෂත්වයකි.
සිත්ගන්නා කරුණ නම්, ප්‍රභාස් බොලිවුඩයේ කිං ඛාන් ද අභිබවා ඉහළම ස්ථානය ලබා ගැනීමයි. ෂාරුක් ලැයිස්තුවේ හතර වැනි ස්ථානයේ පසුවෙනවා.
පළවැනි ස්ථානයේ පසුවන ප්‍රභාස් අපි අවසන් වරට දැක්කේ 2898 කල්කි චිත්‍රපටයේය. දැවැන්ත බ්ලොක්බස්ටර් එකක් වූ එය ලොව පුරා ඉන්දියන් රුපියල් කෝටි 1,000 කට වඩා ඉපයීමට සමත් වුණා. ඔහු ඊළඟට දකින්න ලැබෙන්නේ 2025 අප්‍රේල් වන විට නිකුත් වීමට නියමිත රාජා සාබ් චිත්‍රපටයෙනි.
වාර්තාවලට අනුව, ප්‍රභාස් එක් චිත්‍රපටයකට රුපියල් කෝටි 120 – 150 මුදලක් අය කරනු ලබනවා. ඔහුගේ ශුද්ධ වටිනාකම ඉන්දියන් රුපියල් කෝටි 241 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.