ඩයනාගේ එක කුස උපන් සොයුරිය සාරා සහ චාල්ස් කුමරුගේ ප්‍රේම වෘතාන්තය..

මියගිය ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය කිරුළේ හිමිකරුවා වූ තරුණ චාල්ස් කුමරුගේ හදවත අල්ලා ගත් එකම ස්පෙන්සර් සහෝදරිය නොවේ.

ඩයනාට පෙර වර්තමාන චාල්ස් රජු පළමුව පෙමින් බැඳුණේ සාරා ස්පෙන්සර් සමඟයි. සාරා ඇගේ සොහොයුරිය ඩයනාට වඩා වැඩිමල් වූයේ වසර හයකිනි.

ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ රාජකීය විවාහය වු ඩයනා සහ චාල්ස් අතර විවාහය එම කෙටිකාලීන ප්‍රේමය නිසාම සිදුවු අහඹුවක් ලෙසයි සැලකෙන්නේ.

සාරා මේ වසරේ මාර්තු 19 වන දින ඇගේ 70 වන උපන්දිනය සමරනු ලැබුවා. ලොවම ප්‍රේම කළ ඇගේ සොයුරිය ජීවතුන් අතර සිටියානම් ඇයට වයස අවුරුදු 64 කි.

1955 දී උපත ලැබූ සාරා, ජෝන් ස්පෙන්සර් සහ ෆ්‍රැන්සිස් රොචේගේ පළමු දරුවාය. ඇගේ සහෝදරිය වන ජේන් වසර දෙකකට පසුව උපත ලැබූ අතර 1960 දී උපන් ඔවුන්ගේ සොහොයුරා වූ ජෝන් උපතින් පැය 10 ක් ඇතුළත ඛේදජනක ලෙස මිය ගොස් තිබුණා. පසුව ඩයනා සහ අවසානයේ 9 වන අර්ල් ස්පෙන්සර් බවට පත් වූ චාල්ස් උපත ලැබුවා.

ස්පෙන්සර් සහෝදරියන් හැදී වැඩුණේ සැන්ඩ්‍රින්හැම් වතුයායේ කුලියට ගත් නිවසක් වන පාර්ක් හවුස් හිය. ඩයනා වයසින් ඇයට සමීපව සිටි ඇන්ඩෲ සහ එඩ්වඩ් කුමරුන් සමඟ එකට සෙල්ලම් කළ බව පැවසෙනවා.

1967 දී ඔවුන්ගේ මව ෆ්‍රැන්සිස් තම සැමියා හැර ගොස් පීටර් ෂැන්ඩ් කිඩ් සමඟ ජීවත් වීමට පටන් ගත්තා. වසර දෙකකට පමණ පසු පියා ඇගෙන් දික්කසාද වුණේ දරුවන්ගේ භාරකාරීත්වයේ තනි අයිතිය හිමි කරගනිමිනි.

‘අපේ පියා නිහඬ හා නිරන්තර ප්‍රේමයේ මූලාශ්‍රයක් වූ නමුත් අපේ මව මාතෘත්වය සඳහා කැපවුණේ නෑ. ඇගේ වරදක් නොවේ, ඇයට එය කළ නොහැකි වුණා ඇය වෙනත් කෙනෙකු සමඟ ආදරයෙන් බැඳී සිටියා. ඇත්තටම ආදරයෙන් බැඳී සිටියා’ චාල්ස් 2020 දී සන්ඩේ ටයිම්ස් වෙත පවසා තිබුණා.

1970 ගණන්වල මැද භාගයේදී, ජෝන් පවුල නෝර්තැම්ප්ටන්ෂයර් හි ස්පෙන්සර් පවුලේ වතුයාය වන ඇල්තෝර්ප් වෙත ගෙන ගිය අතර, ඒ වන විට සාරා වෙස්ට් හීත් නේවාසික පාසලෙන් පිටව ගොස් ලන්ඩනයේ රැකියාවක් ආරම්භ කර තිබුණා.

චාල්ස් කුමරු සමඟ ඇගේ ප්‍රේම සම්බන්ධතාව ආරම්භ වුණේ 1977 වසර පමණ වන විටදීය. ඔවුන් වින්ඩ්සර් හි වාර්ෂික රාජකීය සාදයක් අතරතුර මුණ ගැසී තිබුණා. දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වීමට වැඩි කල් ගොස් නැහැ.

The Diana Chronicles හි කතුවරිය වන ටීනා බ්‍රවුන්ට අනුව සාරා කුමරු එකිනෙකා ප්‍රිය කළ අතර සාරාට වින්ඩ්සර් සහ බැල්මොරල් බි උත්සවවලට නිතර ආරාධනා ලැබුණා. චාල්ස් කුමරු එවකට 16 හැවිරිදි ඩයනා කුමරිය දැක ඇත්තේ එවැනි අවස්ථාවකට සිය සොහොයුරිය සමඟ ගිය අවස්ථාවකය. කෙසේ වෙතත් බ්‍රවුන්ට අනුව, ඇය එවකට ‘චාල්ස්ගේ හදවතේ පදිංචි වුණේ සාරාගේ විනෝදකාමී’ බාල සහෝදරියක් ලෙස පමණයි.

බොහෝ දෙනෙක් විශ්වාස කළේ රජ පවුලේ යෝජනාව සාරා වෙත ලැබිය හැකි බවයි. නමුත් 1978 මුල් භාගයේදී එක් විනාශකාරී සිදුවීමකින් පසු කුමරු සමඟ ඇගේ සම්බන්ධතාවය නාටකාකාර ලෙස අවසන් වුණා. ඊට හේතුවුණේ සාරා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන නයිජල් නෙල්සන් සහ ජේම්ස් විටේකර් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකි.

2013 දී ද සන්ඩේ පීපල් වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකට අනුව පැවසුණේ චාල්ස් එංගලන්තයේ රජු වුවහොත් ඇය ඔහු සමඟ විවාහ නොවන බවයි.

සාරා බාල වයස්කාර මත්පැන් පානය, පාසලෙන් නෙරපා හැරීම සහ anorexia රෝගයෙන් පෙළෙන අරගල පිළිබඳ තොරතුරු හෙළි කළ සම්මුඛ සාකච්ඡාව දුටු විට චාල්ස් කෝපයට පත් වූ බව වාර්තා වෙනවා. නමුත් එම වචන මුවින් පිටවනතුරු සාරාට එහි බරපතල කම අවබෝධ වී තිබුණේ නැහැ.

විටේකර්ගේ සම්මුඛ සාකච්ඡාව වැරදි ක්‍රමවලින් ලබාගෙන ඇති බව අඟවමින් ඇය හානිය පාලනය කිරීමට උත්සහ ගත්තද එය ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.

කටකතා පැතිර යන්නේ චාල්ස් තම පෙම්වතියට “ඔයා හරිම මෝඩ දෙයක් කළා” කියා චෝදනා කළ බවටයි. කෙසේ වෙතත් සාරා සහ චාල්ස්ගේ ප්‍රේම සම්බන්ධයේ බිඳවැටීම ඔවුන් අතර අමනාපයකට හේතු වුණේ නැහැ. 1980 දී චාල්ස් ඩයනා සමඟ ආදරයෙන් බැඳුණු විට සාරා ඇගේ විවාහයට ආශිර්වාද කළ බව පැවසෙනවා.

සාරා ඇගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වන 70වැනි උපන්දිනය කෙසේ සමරනු ඇත්දැයි නොදන්නා නමුත් ඇය ලින්කන්ෂයර් හි ග්‍රැන්තම් අසල ඇගේ පවුලේ නිවසේ සිටිනු ඇතැයි අනුමාන කළ හැකි බවයි පැවසෙන්නේ.

හුරුබුහුටි ඇගේ සොයුරිය ඇය අසල නැතත් ඇය ඇගේ දරුවන් සමඟ එක්විය හැකි බවත් ඇය ඉතා සමීපව සිටින ඇගේ බෑණනුවන් වන විලියම් සහ හැරී කුමරුන්ගෙන් ඇයට කාඩ්පතක් හෝ සුබ පැතුමක් ලැබෙනු ඇති බවට අනුමාන කරනවා. ඇය ඔවුන්ගේ විවාහ දෙකටම සහභාගී වූ අතර ඔවුන්ගේ මවගේ මරණයේ 16 වන සංවත්සරයේදී ඔවුන් සමඟ එක් වූ බව සඳහන්ය.

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!