රෝසි සහ බලත්සාර් සමඟ හැප්පෙන්න සජබයෙන් කොළඹට රුවයිස් හනීෆා….

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගය නිල වශයෙන් වෛද්‍ය රුවයිස් හනිෆා නම් කර තියෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ කොළඹ ජනතාවගේ බලාපොරොත්තුව නගරය නවීන, සමෘද්ධිමත් සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කිරීම බවත් ආචාර්ය හනිෆාගේ නාමයෝජනා පක්ෂය “මෙම ප්‍රගතිය පිළිබඳ දැක්ම කරා යන ගමනක” ආරම්භය සනිටුහන් කරන බවත්ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආචාර්ය හනිෆාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය පළ කරමින් නගරයේ වර්ධනය මෙහෙයවීමට අවශ්‍ය ගුණාංග සහිත “මහජන උද්යෝගිමත් වෘත්තිකයෙකු” ලෙස ඔහු හඳුන්වා තියෙනවා.

කොළඹ මහ නගර සභාව මෙහෙයවීමට සහ එහි පුරවැසියන්ගේ අභිලාෂයන් ඉටු කිරීමට “දක්ෂතාවය, කුසලතාව, හැකියාව, ධෛර්යය සහ අධිෂ්ඨානය” සහිත නිවැරදි තේරීම හනීෆා බවයි හඳුන්වා ඇත්තේ.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...