බොලිවුඩයේ චොක්ලට් බෝයි කියන අන්වර්ථ නාමයට ගැළපෙන නළුවන් කිහිප දෙනා අතර ෂාහිඩ් කපූර් අවිවාදයෙන්ම ඇතුළත්ය. බොලිවුඩයේ එක් පරම්පරාවක් නියෝජනය කරන ෂාරුක් ඛාන්, සයිෆ් අලී ඛාන්ලාගෙන් පසුව සිනමාවට අවතීර්ණය වූ ෂාහිඩ්ටත් තිබුණේ වශී වෙන සුන්දර මුහුණක්.
එහෙම කියුට් පෙනුමක් තියෙන කොල්ලෙක්ට විශේෂයෙන් බොලිවුඩ් තරුවකට ගැහැණු ළමයින්ගේ ආකර්ශනයෙන් ගැලවෙලා ඉන්නවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් නළුවන්ට ඒවගේ සීමාව ඉක්මවා ගිය කරදර වැටෙන්නේ රසිකයන්ගෙන්නේ. හැබැයි ෂාහිඩ්ට මුහුණ දෙන්න වුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකට. ඇය බොලිවුඩයේම ජනප්‍රිය නළුවකුගේ දුවක් වගේම චිත්‍රපට කිහිපයකින්ම නිළියක් වීමට උත්සහ කළ කෙනෙක්.
ජනප්‍රිය නළු රාජ් කුමාර්ගේ දියණිය වන වාස්තවික්තා පණ්ඩිත් (Vastavikta Pandit) නම් ඇය ෂාහිඩ් කෙරෙහි කොතරම් උමතු වී සිටියාද යත් ඇය තමාව ඔහුගේ බිරිඳ ලෙස හඳුන්වා ගැනීමට පවා පටන් ගත්තා. 2012 දී ෂියාමාක් දාවර් හි නර්තනය හදාරමින් ඉන්න කාලේ ඔවුන් එකට මුණ ගැසී තිබුණා.
ඔහුගේ මංගල චිත්‍රපටය වන Ishq Vishq සමඟ හදවත් තුළ සලකුණක් තැබූ ‘චොකලට් බෝයි’ ට වාස්තවික්තා පිස්සුවෙන් ආදරය කළා. නමුත් ෂාහිඩ්ට එය හැඟීමක් ඇති කර තිබුණේ නැහැ. කොයිතරම් අකමැත්ත ප්‍රකාශ කළත් වාස්තවික්තා ඔහු හඹායාම නතර කළෙත් නැහැ. ඇය දිගටම ඔහුගේ රූගත කරන තැන්වලට ගිහින් ෂාහිඩ්ට ඇණයක් වන මට්ටමට හිරිහැර කළා. ඇය වරක් ඔහුගේ මෝටර් රථයේ බොනට් එක මත වාඩි වී එළිමහනේ රූගත කිරීම් කරන අතරතුර ඔහුට බාධා කළ බව පැවසෙනවා. ඇය ෂහිඩ් ගේ නිවස අසල නිවසකට ගොස් අසල්වැසියන්ට ඇය ඔහුගේ බිරිඳ ලෙස හඳුන්වා දීමට තරම් උමතු වුණා.
අවසානයේ දී ඇය තමා ලුහුබඳින බවත් අනවශ්‍ය ලෙස හිරිහැර කරන බවත් පවසමින් පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමට ෂාහිඩ්ට සිදුව තිබුණා. ඒ 2012 වසරේදීය. ඇය ඔහුගේ නිවසට ආසන්නව නිවසක් මිලදී ගැනීමෙන් පසු සියලු සීමාවන් ඉක්මවා ගොස් ඇති බවත් ඇය ඔහුගේ බිරිඳ ලෙස හඳුන්වා දී ඇති බවටත් ෂාහිඩ් එහිදී චෝදනා එල්ල කළා. පැමිණිල්ලෙන් පසුව, වාස්තවික්තා නීතිමය ක්‍රියාමාර්ගවලට බියෙන් පලා ගිය බව සඳහන්.
වාස්තවික්තා Aisi Bhi Kya Jaldi Hai සහ Eight: Shani වැනි චිත්‍රපටවලින් බොලිවුඩයට පිවිසි නමුත් ඇයට බොලිවුඩයේ සාර්ථක නිළියක් වීමේ වාසනාවත් ෂාහිඩ්ගේ අත ගැනීමේ වාසනාවත් දෙකම අහිමි වී තිබුණා.