කරීෂ්මා සමඟ විවාහය සිදු නොවුණු පසු, සදා තනිකඩ වූ සුපිරි තරුව..

බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම තරුවක් වීමට තරම් වාසනා මහිමය තිබුණත් කරීෂ්මා කපූර්ගේ සැබෑ ජීවිතය රෝස මල් යහනාවක් වුණේ නැහැ. ඇගේ සැබෑ ජීවිතය හිමිවීම්, අහිමිවීම්, වේදනාවන් හා කටුක බව මැද ගලා ගිය එකක්. වරක් ඇයට බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන සිනමා පවුල වූ බච්චන් පවුලේ ලේලිය වීම නූලෙන් ගිලිහී ගියා.

අභිෂෙක් හා කරීෂ්මාගේ පවුල් දෙකේම ආශිර්වාදය මැද සිදුවීමට නියමිතව තිබූ එම විවාහය වැළකී යාමට හේතුව පිළිබඳ කතන්දර එමටයි. එම අනපේක්ෂිත සිදුවීමට පෙර කරීෂ්මා තවත් තරු පවුලක් සමඟ එක්වීමට ගිය බව බච්චන් පවුලේ කතාව තරම්ම ප්‍රකට වූවකි. ඒ බොලිවුඩයේ තවත් තරු පවුලකින් පැවත එන අක්ෂේ ඛන්නා සමඟයි.

කරිෂ්මා කපූර් සහ අක්ෂේ ඛන්නා ආදරය ඇතිවුණේ 90 දශකයේදීය. මේ කාල සීමාවේ කරීෂ්මා අජේ දෙව්ගන් සමඟ ප්‍රේම සම්බන්ධය බිඳී ගොස් තිබුණ කාල සීමාව බවයි පැවසෙන්නේ. මානසික කඩාවැටීමේ අද්දර සිටි එම කාල සීමාව තුළ ඇගේ හිත හැදුවේ අක්ෂේ ඛන්නාය. කරීෂ්මාගේ පියා රන්ධීර් කපූර් විසින්ම කරිෂ්මා පිළිබඳ යෝජනාව විනෝද් ඛන්නාගේ නිවසට ගෙන බව සඳහන්ය. නමුත් කපූර් පවුලේ එක් අයෙකු එකඟ නොවීම නිසා එම විවාහය සිදු නොවීම ඈවර වුණා.

ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳ පුවත ඔවුන් එක්ව සිදු කළ ඡායාරූප රූගත කිරීමක් නිසා තවත් වේගෙයෙන් පැතිරෙන්නට පටන් ගත්තා. කරිෂ්මා සහ අක්ෂේ රසායනයටත් බොලිවුඩය තුළ හොඳ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තේ ඒ සමඟයි.

වාර්තාවලට අනුව රන්ධීර් කපූර් අක්ෂේ ඛන්නාට ගොඩක් කැමති වුණා. මේ නිසා තමයි ඔහුට අක්ෂේ සහ කරිෂ්මා විවාහ වෙනවා දකින්න ඕන වුණේ. මේ ආශාව ඉටු කරගන්න රන්ධීර් කපූර් තම දියණියගේ යෝජනාව අක්ෂේ ඛන්නාගේ ගෙදරටම ගෙන ගියා. නමුත් එම විවාහයට පෙර කරිෂ්මාගේ අම්මා බබිතා මේ සම්බන්ධය එකහෙලා ප්‍රතික්ෂේප කර තිබුණා.

බබිතාට ඕන වුණේ කරිෂ්මා ඇගේ වෘත්තීය ජීවිතයේ උච්චතම අවස්ථාවේ සිටි නිසා ඇගේ රැකියාවට පමණක් අවධානය යොමු කරනවා දැකීමටයි. මේ නිසා අක්ෂේ ඛන්නා සහ කරිෂ්මා කපූර්ගේ විවාහය වැළකී ගියා.

කරිෂ්මා කපූර් අභිෂේක් බච්චන් සමඟ විවාහ ගිවිස ගත්තේ මෙම සිදුවීමෙන් ටික කාලයකට පසුවය. නමුත් කරිෂ්මා කපූර් බච්චන් පවුලේ ලේලිය බවට පත් වුණේ නැහැ. මෙම විවාහ ගිවිස ගැනීම බිඳ වැටුණු අතර එයට හේතු වුණේත් ඇගේ මව බබිතා ය. මාධ්‍ය වාර්තාවලට අනුව නම් බබිතාට අවශ්‍ය වූයේ තම දියණියගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමට සහ ඇය තම රැකියාවෙන් විවේකයක් නොගෙන ඉදිරියටම කරගෙන යාමයි. බච්චන් පවුලට කරිෂ්මා විවාහයෙන් පසු චිත්‍රපටවල වැඩ කිරීම අවශ්‍ය වුණේ නැහැ. නමුත් අදටත් මේ පිළිබඳ ඇත්ත කතාව හෙළි නොවූවකි. ඉන් වසර ගණනාවක් ඉකුත් වී ගියත් ආක්ෂේ ඛන්නා මේ දක්වාම විවාහ වී නැහැ. ඔහුගෙන් විවාහය පිළිබඳ අසන සෑම විටකම ඔහුගේ උත්තරය වන්නේ එයට තමා සුදුසු තැනැත්තෙකු නොවන බවයි. ඔහු සෑම විටම පැවසුවේ ඒ වගේ ජීවිතයක් සහ කැප කිරීම් ඔහුට දරාගත නොහැකි යැයි පමණයි.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...