‘ත්‍රී ඉඩියට්ස්’ මෝඩයන් තුන් දෙනාගෙන් එක් අයකු වීම සඳහා කරීනාගේ රෝල් එකට එන්න බෑ කිව්ව කාජල්ගේ මෝඩ තීරණය

කුච් කුච් හෝතා හේ, දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, මයි නේම් ඊස් ඛාන්, කභි කුෂි කභි ගම්, ෆනා, බාසිගර් ඇතුළු බ්ලොක්බස්ටර් චිත්‍රපට දීර්ඝ ලැයිස්තුවක් ඉදිරියේ තමාගේ නම ලියාගත් කාජල් එවැනි චිත්‍රපට කිහිපයක් ප්‍රතික්ෂේප කළ අවස්ථා ද කිහිපයක්ම පවතී. ඉන් එකක් වන්නේ ‘ත්‍රී ඉඩියස්ට්ස්’ ය.

ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයේ කරීනාගේ චරිතයට මුල්ම තෝරා ගැනීම වුණේ කාජල්. ඒත් කාජල්ට මේ පිටපත හම්බවුණාම කාජල් ගියාලු පිටපත වෙනස් කරන්න. ඇත්තටම ඇයට ඕන කළේ ආර් මාධවන්ගේ ෆර්හාන් චරිතයයි.

ඇත්තටම මට ඕන වුණේ මාධවන්ගේ චරිතය. ඒත් නිෂ්පාදකයින් මට හෙරොයින්ගේ චරිතය කිරීමට බල කළා.

ඇය මෑතක එක්තරා සම්මුඛ සාකච්ඡාවක් අතරතුර එසේ සඳහන් කර තිබුණා.

“මෝඩයෝ තුන්දෙනාගෙන් එක් අයෙක් ගැහැණු ළමයෙක් විය හැකියි.. මෝඩයෝ තුන්දෙනාගෙන් එක් අයෙක් ගැහැණු ළමයෙක් විය හැකි බව මම ඔවුන්ට පැහැදිලි කළා.. ඒත් ඔවුන් ඒකට කැමති වුණේ නැහැ.”

පසුව ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයේ ආමීර් ඛාන් සමඟ ප්‍රධාන කාන්තා චරිතයට අවස්ථාව ලැබුණේ කරීනා කපූර්ටය. රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගත් අතර දේශීය වශයෙන් රුපියල් කෝටි 200 ක් උපයා ගත් පළමු ඉන්දියානු චිත්‍රපටය බවට පත් වුණා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...