මහා භූමිකම්පාව මැද බැංකොක් හි වීදියක බිහිවු පිරිමි දරුවා..

මියන්මාරයට හා තායිලන්තයට ඇති වූ දැවැන්ත භූමිකම්පාව අතරතුර බැංකොක්හි වෛද්‍යවරු පිරිසක් රෝහලෙන් පිටත වීදියකදී දරුවෙකු ප්‍රසූත කළ සංවේදී පුවතක් වාර්තා වුණා.

සිකුරාදා කම්පන ඇති වන විට කාන්තාවක් ඇගේ දරු ප්‍රසූතිය සඳහා වන ශල්‍යකර්මයකට භාජනය වෙමින් සිටියා.

භූ කම්පනය ඇති වීමත් සමඟ වෛද්‍යවරුන්ට සිදු වුණේ ඇයව රෝහලෙන් ඉවත් කර ගැනීමටය.

වෛද්‍ය කණ්ඩායම් විසින් මව රෝහලෙන් පිටතට ගෙන යාමෙන් අනතුරුව, සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් වට කරන ලද කුඩා ඉඩක පිරිමි දරුවෙකු ප්‍රසූත කළ බව රෝහලේ ප්‍රකාශකයින් සඳහන් කරනවා.

මෙම සිදුවීමේ වීඩියෝ සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා ගනමින් පවතී.

මව ස්ට්‍රෙචරයක් මත වැතිර සිටින ආකාරය සහ රෝහල් කාර්ය මණ්ඩලය එළිමහනේ ඇගේ දරු ප්‍රසූතියට සහාය වන ආකාරය එම දර්ශනවලින් පෙන්නුම් කරනවා.

හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ශල්‍ය කණ්ඩායම ශල්‍යාගාරයෙන් පිටත, මිනිත්තු 10 ක් ඇතුළත දරුවා පිටතට ගැනීමට කටයුතු කළේ විශ්මය ජනක ආකාරයටයි.

මව සහ දරුවා දැන් ස්ථාවර තත්ත්වයේ පසුවන බවත් රෝහල් කාමරයක සුවය ලබමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

රෝහලට නිශ්චිත භූමිකම්පා ප්‍රතිචාර සැලැස්මක් නොතිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

සිකුරාදා මියන්මාරයට එරට වේලාවෙන් ආසන්න වශයෙන් දහවල් 12:50 ට රික්ටර් මාපකයේ 7.7 සහ 6.4 ක ප්‍රබල භූමිකම්පා දෙකක් ඇති වුණා.

තායිලන්තයේ ප්‍රදේශ කිහිපයකටද කම්පන ඇති වූ අතර, ගොඩනැගිලි සෙලවී උඩුමහල්වල පිහිනුම් තටාක උතුරා යාමට තරම් එය ප්‍රබල භූ කම්පනයක් වූ බවයි වාර්තා වුණේ.

මියන්මාරයේ ඇති වූ බලවත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව සෙනසුරාදා වන විට 1,000 කට වඩා වැඩි වූ අතර, රටේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේහි කඩා වැටුණු ගොඩනැගිලි ගණනාවක සුන්බුන් වලින් තවමත් මළසිරුරු ඉවත් කරමින් පවතිනවා.

Latest News

More like this

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරේ

එළැඹෙන සැප්තැම්බර් මාසයේ මුල සිට අධිවේගී මාර්ගවල ධාවනය වන...

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...
error: Content is protected !!