ඇමරිකාව ඉහළම තීරුබදු පැනවූ රටවල් පහ අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා.

ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයකට අදාළ බදු පැනවීම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ (02) ප්‍රකාශයට පත්කර ඇති අතර අනිද්දා (05) දිනයේ සිට එම බදු පැනවීම ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීම මෙම නව බදු පැනවීමේ අරමුණ බවයි.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත්ය.

එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා තීරු බදු ප්‍රතිශතය ඉහළ මට්ටමකට පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

කාම්බෝජනයට සියයට 49ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට සියයට 46ක තීරුබදු පැනවීමක් සිදුකර තිබෙනවා.

බංග්ලාදේශයට සියයට 37ක, තායිලන්තයට සියයට 36ක, චීනයට සියයට 34ක, ඉන්දියාවට සියයට 26ක බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද සියයට 20ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව සඳහන් ය.

මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරු බදු ප්‍රතිශතය සියයට 12.2 කි. මේ අනුව මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්ය.

පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබෙනවා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...