හිත අවුල් නම් නිවාඩුවක් ගන්න… චීනය ලෝකෙට හඳුන්වා දුන් ‘අසතුටු නිවාඩු’

චීන සමාගමක් 2024 වසරේදී ‘අසතුටු නිවාඩු’ ලෙස නව නිවාඩු ක්‍රමයක් හඳුන්වා දුන්නා.

එම සමාගම අදාළ නිවාඩු ක්‍රමය හඳුන්වා දෙමින් අපේක්ෂා කළේ “ඔබ අසතුටින් සිටී නම් කරුණාකර රැකියාවට නොඑන්නැ” යි යන පණිවිඩය සේවකයින් වෙත ලබා දීමයි.

මෙම නිවාඩු ක්‍රමය හඳුන්වා දුන්නේ චීන සිල්ලර ව්‍යාපාරිකයෙකු වන යූ ඩොන්ග්ලායි විසින්ය.

මානසික අවපීඩනයෙන් පෙළෙන සේවකයින් සඳහා අමතර දින 10 ක් දක්වා නිවාඩු ලබා දීම මෙම ක්‍රමය මඟින් ක්‍රියාත්මක කෙරුණා.

ඔහුගේ සමාගම දැනටමත් පැය 7 ක වැඩ මුර, සම්පූර්ණ සති අන්ත නිවාඩු, වාර්ෂික නිවාඩු දින 40 ක් දක්වා සහ චන්ද්‍ර අලුත් අවුරුද්ද සඳහා අමතර දින 5 ක විවේකයක් වැනි වරප්‍රසාද රැසක් හඳුන්වා දුන් සමාගමකි.

ඊට අමතරව, ඔහු සහතික කිරීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එමඟින් පිරිසිදු කරන්නන් වැනි ආරම්භක මට්ටමේ සේවකයින්ට පවා වාර්ෂිකව යුවාන් 500,000 (ඇමරිකානු ඩොලර් 70,000 ක් පමණ) උපයා ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

මෙම නිර්භීත පියවර, සේවක සතුටට මුල් තැන දෙන අතර සාම්ප්‍රදායික සේවා ස්ථාන ප්‍රමිතීන් සෙලවීමට ලක් කරන්නක් වුණා.

සතුට නැතුව කිසිදෙයක් පවතින්නේ නැහැ. සතුට නැතිව අපි කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නෙ නෑ. වැඩ කරන්න නම් සතුට ඕනමයි. සතුට දුක සමබර කර ගැනීමට අපට ඇත්තටම විවේකයක් ඕන. යූ ඩොන්ග්ලායි ගේ මේ ක්‍රමය ලෝකෙ වැඩ කරන හැම තැනකටම ඇප්ලයි වෙනවා නම් මරු…

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!