ඇඳුම් මාරු කරමින් සිටියදී දොරට තට්‍ටු නොකර, වෑන් රියට ඇතුළු වූ දකුණු සිනමාවේ අධ්‍යක්ෂවරයෙක් නිසා අසරණ වුණු ‘ශාලිනි’

“මගේ වෘත්තීය ජීවිතයේ ඉතා මුල් අවධියේදී, මම දකුණු ඉන්දියානු චිත්‍රපටයක් කරමින් සිටියා. මම ඇඳුම් මාරු කරමින් සිටියදී අධ්‍යක්ෂවරයා දොරට තට්ටු නොකරම මගේ වෑන් රථයට නැග්ගා.”

මෑතකදී මේ හෙළිදරව්ව කළේ අර්ජුන් රෙඩ්ඩි නම් තෙළිඟු චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු නිළිය ශාලිනි පාණ්ඩේ…

දකුණු ඉන්දියානු සිනමාව විශේෂයෙන් තෙළිඟු හා මලයාලම් සිනමාව තනිකරම පුරුෂ ආධිපත්‍යයේ රජ දහනක්. මෑතක රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙක් එළියට ඇවිත් අඳුරු ආගාධයක හිර වෙලා තිබ්බ මේ රහස් එකින් එක දිග අරින්න පටන් ගත්තේ #metoo ව්‍යාපාරය එක්ක.

ශාලිනි කියන්නෙත් එවැනි අමිහිරි අත්දැකීම් කන්දරාවකින් නිර්මාණය වුනු තවත් එක් නිළියක් බව ඇගේ මේ අනාවරණයෙන් පැහැදිලි වුණා.

මේ නිසා තිරයෙන් එපිට සිනමා ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල සමඟ වැඩ කිරීමේදී තමාට සීමා මායිම් ඇඳ ගැනීමට සිදු වු බවයි ඇය පැවසුවේ.

“මට මේ ක්ෂේත්‍රයේ වැඩ කිරීමට ලැබුණේ හොඳ පිරිමි එක්ක විතරක්ම නෙවෙයි. ඉතාම භයානක පිරිමි මට මුණ ගැසුණා. වඩාත්ම ස්වෝත්‍තමවාදී පිරිමි මට මුණ ගැසුණා. බොහෝ දෙනෙක් කිව්වෙ ඔවුන් කියන දේට එකඟ නොවුණොත් ඔබට වැඩ ලැබෙන එකක් නෑ කියලා.

අධ්‍යක්ෂවරයා වෑන් රථයට ගොඩ වූ අවස්ථාවේ ඇගේ පළමු ප්‍රතිචාරය වූයේ කෑගැසීම බව ඇය ප්‍රකාශ කළා. එතකොට මට වයස 22යි. ඔහු ගිය පසු අනිත් අය මට කිව්වෙ ඔබ කෑ නොගසා සිටිය යුතුව තිබුණා කියලා.”

පසුව කෑගසනාවට වඩා එවැනි මිනිසුන් හැසිරවිය යුතු විදිය මම ඉගෙන ගත්තා.

ශාලිනි පාණ්ඩේ අවසන් වරට හින්දි චිත්‍රපටයක් වන මහාරාජ් හි ආමීර් ඛාන්ගේ පුත් ජුනයිඩ් ඛාන් සමඟ රංගනයෙන් දායක වුණා. ඇය ධනුෂ්ගේ අධ්‍යක්ෂණයක් වන Idly Kadai චිත්‍රපටයෙන් ඉදිරියේදී දැක ගැනීමට හැකියි.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...