නස්රියා නසීම් ෆහාද් මානසික කඩාවැටීමක

නස්රියා නසීම් ෆහාද් දකුණු ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ වඩාත්ම ආකර්ෂණීය නිළියන්ගෙන් කෙනෙකි. Bangalore Days, Om Shanti Oshana, Trance, Koode, Raja Rani මලයාලම් සිනමාවේ ඇගේ අනන්‍යතාවය තහවුරු කරන ලද චිත්‍රපට අතර කිහිපයක් පමණයි.

නස්රියා නසීම් ෆහාද් ඇය පසුගිය මාස කිහිපයක් පුරා චිත්තවේගීය අහියෝගයන් රැසකට මුහුණ දුන් බව ඇගේ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දා ආන්දෝලනාත්මක අනාවරණයක් කරනු ලැබුවා. මේ හේතුවෙන් ඇය පසුගිය කාල සීමාව තුළ ක්ෂේත්‍රයේ සක්‍රීය වී නොසිටි බවයි ඇය පවසා ඇත්තේ.

පසුගිය මාස කිහිපය තුළ යම් පීඩනයක් හා අපහසුතාවකින් පසුවූ බව ඇය එම නිවේදනයේ සඳහන් කරනවා.

“මම ටික කලක් නොපැමිණීම පිළිබඳ ඔබ සමඟ බෙදා ගැනීමට අවශ්‍යයි. ඔබගෙන් බොහෝ දෙනෙක් දන්නවා මම සෑම විටම මෙම අපූරු ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වී ඇති බව. කෙසේ වෙතත්, පසුගිය මාස කිහිපය තුළ මම චිත්තවේගීය යහපැවැත්ම සහ පෞද්ගලික අභියෝග සමඟ පොරබදමින් සිටි අතර ඒ නිසා මට බොහෝ දේ මඟ හැරුණා.”

මේ නිසා ඇයට ඇගේ 30 වැනි උපන්දිනය, නව වසර සැමරීම සහ ඇය බලාපොරොත්තුවෙන් සිටි සන්ධිස්ථානයක් වන සූක්ෂමාදර්ශනී චිත්‍රපටයේ වැදගත් සැමරුම් අවස්ථා රැසක් මඟ හැරුණු බව නිවේදනයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් ඇය මේ වන විට සුවය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර සිටින බව ද එහි සඳහන්.

ඇමතුම්වලට පිළිතුරු නොදීම සහ පැහැදිලි කිරීමකින් තොරව අතුරුදහන් වීම ගැන ඇය මිතුරන්ගෙන් සමාව අයැද තියෙනවා.

“මට තව කාලයක් අවශ්‍යයි” නැවත ශක්තිමත්ව පැමිණෙන බවට ඉඟියක් ද ඇය එයින් ලබා දී තිබුණා. නස්රියා නසීම් විවාහ වී සිටින්නේ දකුණු ඉන්දියානු සිනමා කර්මාන්තයේ සුවිශේෂි දැවැන්තයකු වන ෆහාද් ෆාසිල් සමඟයි.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...