පාප් පදවියට පත් වූ පසු ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කිසිදා උපන් රටට යළි නොගිය හේතුව..

රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා වීමට 2013 දී මව්බිම හැර ගිය පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නැවත මව්බිමට පැමිණෙන තෙක් ආර්ජන්ටිනාවේ ජනතාව බොහෝ කාලයක් බලා සිටියත් උන්වහන්සේ නැවත කිසි දිනක මව්බිම වෙත ළඟා වූයේ නැහැ.

ඔහුගේ පුරවාගාමීන් මෙන් නොව ඔහු කිසිදිනක මව්බිමට නොපැමිණීම පාප් පදවිය දැරූ කාල සීමාව තුළ පැවති විශේෂම කුතුහලයන්ගෙන් එකකි. 2015 දී රචනා කළ උන්වහන්සේගේ “Francis, Pope of Good Promise” චරිතාපදානයෙහි කතුවරයා වන ජිමී බර්න්ස් උන්වහන්සේගේ මරණයට සති කිහිපයකට පෙර රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ආර්ජන්ටිනා දේශපාලනය පිළිබඳ පාප්වහන්සේ තුළ පැවති නොපහන් බව එයට හේතු විය හැකි බවයි. දේශපාලනඥයින්ගේ සුරාකෑමට ලක් වීමට තමා අකමැති බව උන්වහන්සේ වරක් පවසා තිබුණා.

බුවනෝස් අයර්ස් හි අගරදගුරු ලෙස සිටියදී එවකට (2007-2015) දක්වා සේවය කළ ජනාධිපති ක්‍රිස්ටිනා ෆර්නැන්ඩෙස් ද ක්‍රිච්නර් රජය සමඟ ඔහු දුෂ්කර සම්බන්ධතාවක් පැවැත්වූ බව සඳහන් වෙනවා.

ඔහුගේ පාප් ධුර කාලය තුළ ආර්ජන්ටිනාව නැවත නැවතත් ආර්ථික අර්බුද සහ දේශපාලන අස්ථාවරත්වයන්ගෙන් පීඩා විඳි දුෂ්කර කාලයක් වුණා.

පසුගිය වසරේ ජනවාරි මාසයේදී ඔහු පැවසුවේ එම වසරේ දෙවන භාගයේදී තමාට අවසානයේ ආර්ජන්ටිනාවට යාමට හැකි වනු ඇති බවයි. නමුත් එම සංචාරය කිසි විටෙකත් සිදු වුණේ නැහැ. “ජනතාව ගොඩක් දුක් විඳින නිසා මම කනස්සල්ලට පත්ව සිටිනවා. ඒක රටට අමාරු මොහොතක්” ඉතාලි රූපවාහිනී වැඩසටහනක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ජන්ටිනාව පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියා.

“ආණ්ඩුවේ වෙනසක් සිදුවී තියෙනවා. අලුත් දේවල් කිහිපයක් තියෙනවා. නමුත් මම යන්න කැමතියි. අවුරුදු 10ක් ගත වී ගිහින්. මට යන්න පුළුවන් කියලා මම හිතනවා.”

කෙසේ වෙතත් ඔහු 2024 පෙබරවාරි මාසයේදී වතිකානුවේදී ආර්ජන්ටිනාවේ ජනාධිපති හවියර් මිලෙයි හමුවුණා. ෆ්‍රැන්සිස් පාප්වහන්සේ කාදිනල්වරයෙකුව සිටියදී ඔහුගේ ප්‍රකාශකයෙකු වූ සහ ඔහු සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය ගිලර්මෝ මාකෝ 2023 දී සඳහන් කළේ දේශපාලනිකව බෙදී ඇති සහ ඉහළ උද්ධමනයකට එරෙහිව සටන් කරන ආර්ජන්ටිනාව තුළ තමන්ට මුහුණ දීමට සිදුවන ඉරණම පිළිබඳව ඔහු දැනුම්වත්ව සිටි බව සඳහන් කළා.

“ඔහු මෙහි පැමිණියහොත් ඔවුන් ඔහුව දැඩි ලෙස විවේචනය කරනු ඇතැයි ඔහු දැන සිටියා.” මාකෝ සඳහන් කර තිබුණා.

“ඔහු කාවද දකින්නේ, කාවද දකින්නේ නැත්තේ, කවුද ඔහු වෙත ළඟා වෙන්නේ… සියල්ල ගැටලුවක් වනු ඇත. එවැනි පීඩනයකට ඔරොත්තු දීමට ඔහු සූදානම් දැයි මම දන්නේ නැහැ.”

2018 රොයිටර් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමාට ආර්ජන්ටිනාව මග හැරුණේ නැති බව සඳහන් කර සිටියා. “මට වීදිය විතරයි මග හැරෙන්නේ. මම ‘කැලෙජෙරෝ’ (වීදිවල මිනිසෙක්). මම ඇත්තටම එය වෙත නැවත පැමිණීමට කැමතියි. ඒත් ඇත්තටම මට දැන් බැහැ””

දිගු අයපත් සෞඛ්‍ය සමඟ පොර බැඳි කාල පරිච්ඡේදයකින් පසු සඳුදා උන්වහන්සේ ස්වර්ගස්ත වූයේ ආජන්ටිනාවට එම නැවත පැමිණීම සිහිනයක්ම පමණක් බවට පත් කරමිනි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!