විකී කෞෂාල් ගේ ‘චාවා’ චිත්‍රපටය ඉන්දියාවේ රුපියල් කෝටි 600 ඉක්මවා ගොස් තියෙනවා. මේ අනුව බොක්ස් ඔෆිස් ආදායමෙන් රුපියල් කෝටි 600 කට වඩා රැස් කළ ඉන්දියාවේ දෙවන බොලිවුඩ් චිත්‍රපටය වන්නේ චාවාය.
චත්‍රපති ශිවාජි මහාරාජ්ගේ පුත් මරාත රණශූර චත්‍රපති සම්භාජි මහාරාජ්ගේ ජීවිතය පාදක කරගත් චාවා දෙවැනි වන්නේ අල්ලු අර්ජුන් රඟපෑ පුෂ්පා 2 චිත්‍රපටය ට පමණි. චාවා බොලිවුඩයේ විශාලතම දෙවැනි ස්ථානය බවට පත් වුණේ ශ්‍රද්ධා කපූර් සහ රාජ්කුමාර් රාඕ රඟපෑ ‘ස්ත්‍රී 2’ චිත්‍රපටය අභිබවා යමිනි.
චාවා ලක්ෂ්මන් උටේකර්ගේ අධ්‍යක්ෂණයකි. චිත්‍රපටය සිනමාහල්වල තිරගත වූ විට විචාරකයින්ගෙන් සහ රසිකයන්ගෙන් විශිෂ්ට ඇගයීමට පාත්‍ර වූ චිත්‍රපටයකි. සල්මන් ඛාන්ගේ සිකන්දර් සහ සනී ඩියොල්ගේ ජාත් වැනි චිත්‍රපටවලට චාවා විශාල අභියෝගයක් වුණා. සංඛ්‍යාලේඛනවලට අනුව එය රුපියල් කෝටි 600 ක ශුද්ධ ආදායම ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ ලැබූ ආදායම අනුව ශ්‍රේණිගත චිත්‍රපට එකතුව
1 Pushpa: The Rule – 2 ඉන්දියානු රුපියල් කෝටි 812.14
2 Chhaava ඉන්දියානු රුපියල් කෝටි 600
3 Stree 2 ඉන්දියානු රුපියල් කෝටි 597.99
4 Jawan ඉන්දියානු රුපියල් කෝටි 582.31
5 Gadar 2 ඉන්දියානු රුපියල් කෝටි 525.7
6 Pathaan ඉන්දියානු රුපියල් කෝටි 524.53
7 Baahubali 2 The Conclusion ඉන්දියානු රුපියල් කෝටි 510.99
8 Animal ඉන්දියානු රුපියල් කෝටි 502.98
9 KGF 2 ඉන්දියානු රුපියල් කෝටි 435.33
10 Dangal ඉන්දියානු රුපියල් කෝටි 374.43
වාර්තාවලට අනුව චිත්‍රපටය දැනටමත් ලොව පුරා රුපියල් කෝටි 800 සීමාව ඉක්මවා ගොස් රුපියල් කෝටි 807.6 ක් උපයා ගැනීමටද සමත් වී තිබීම විශේෂයි.
විකී සහ රශ්මිකා මන්දන්නා හැරුණු විට චිත්‍රපටයේ අක්ෂේ ඛන්නා, අශුතෝෂ් රානා සහ දිව්‍යා දත්තා ද ප්‍රධාන චරිත නිරූපණය කරනවා.