ඉහළ ශ්‍රේණි වලට කනිෂ්ඨ නිලධාරීන් පත් කරයි.. රාජ්‍ය පරිපාලනය අවුලෙන් අවුලට

පරිපාලන අර්බුද රාශියකට මැදිහත් වී සිටින මහජන ආරක්ෂක අමාත්‍යංශය තවත් පරිපාලන අර්බුදයක් සඳහා පාර කපාගෙන ඇත.

දැනට පුරප්පාඩු වී ඇති රාජ්‍ය නොවන සංවීධාන පිලිබද ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට තුන් වන ශේණියේ නිලධාරීනියක් පත් කිරිමට ඇමතිවරයා පියවර ගෙන ඇත.

විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන මෙම තනතුර සදහා දැනට පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කරන චන්ද්‍රිකා මංචනායක මහත්මියගේ නම යෝජන කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස්කොට ඇති අතර ලබන සදුදා කැබිනට් රැස්විමට අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සාමාන්‍යයෙන් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජ්‍ය හා සහකාර තනතුරු පිළිවෙලින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නිල බලයෙන් හිමිවේ.

එසේ තිබියදී සහකාර පාදේශීය ලේකම් තනතුරක පමණක් කටයුතු කර ඇති නිලධාරීනියක් මෙම තනතුරුට පත්කිරිම තුලින් පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීන් රාශියකට මෙම කනිෂ්ඨ නිලධාරණීය යටතේ ඉදිරියේදේ කටයුතු කිරීමට සිදුවනු ඇත.

දැනටමත් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමියක් කටයුතු කරමින් සිටින අතර ඇයද, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි. ඒ අනුව ඇයටද ඉදිරියේ ඇයට වඩා කනිෂ්ඨ නිලධාරණියක් යටතේ කටයුතු කිරිමට සිදුවනු ඇත.

මෙවැනි පරිපාලන වරදක් සිදු කිරීම සඳහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කටයුතු කරන විට ඒ සඳහා පූර්ණ සහයෝගය පළකරමින් දැනට එක් අතිරේක ලේකම්වරියක් හා ජේෂ්ඨ සහකාර ලේකම්වරියක් කටුයුතු කරද්දී අනෙකුත් ජේෂ්ට නිලධාරීන් නිහඬව බලා සිටීමද පුදුමයට කරුණකි.

Latest News

More like this

විමුක්ති ගැන පළමු වරට හිටපු ජනපතිනියගෙන් ඉඟියක්..

2029 ජනපතිවරණයට මෙරට ප්‍රබල දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන...

6 ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය සමලිංගික කිරීමේ වගකීම කාගේද?

රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ...

අනුර සහ පැලවත්ත ජවිපෙ මූලස්ථානය අතර සීතල යුද්ධයක්..

ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය අතර සීතල...

ඇමති ජනමාධ්‍ය වලට එරෙහිව පිහිය මුවාත් තබයි…

මහජන සෞඛ්‍යයට අදාළ හානි දායක පුවත් වාර්තා කළහොත් අනිවාර්යයෙන්...