සටන් විරාමය සමඟ පාකිස්තානයට බොලිවුඩයෙන් එල්ල වූ අනතුරු ඇඟවීම්

ඉන්දියාව හා පාකිස්තානය අතර සති කිහිපයක් තිස්සේ පැන නැගී වර්ධනය වූ යුධමය තත්ත්වය නිමාවට පත් කරමින් ‍රටවල් දෙක අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණේ ඊයේ (මැයි 10) දිනයේය.

ඒ අනුව පස්වරු 5 ට පමණ ගොඩබිම, ගුවන, සයුරේ සිදුවුණු සියලු හමුදා ක්‍රියාමාර්ග නවතා දැමීමට රටවල් දෙක එකඟතාවයකට එළැඹුණේ සාමය පිළිබඳ බලාපොරොත්තු රැසක් දල්වා ලමින්ය.

රවීනා තන්ඩන්, කරන් ජොහාර්, කරීනා කපූර් ඇතුළු බොලිවුඩ් කීර්තිමත් තරු ඉන්දු-පාකිස්තාන සටන් විරාම ගිවිසුම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රතිචාර දක්වා තිබුණේ එවැනි පසුබිමකය.

ඒ සමහර ප්‍රතිචාර සාමයට හිතැති සාමයට හිස නැමූ ඒවා වූ අතර ඇතැම් ඒවා දැඩි ප්‍රතිචාර බවයි දක්නට ලැබුණේ.

රවීනා ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ දැඩි ප්‍රතිචාර එල්ල කළ තරුවකි. එය සත්‍යක් නම් එය පිළිගන්නා බවත් ඉන්දියාවට එරෙහිව කිසිදු වැරැද්දක් හෝ කිසිවිටක යළි භාරතයේ ලේ සෙලවීමක් සිදු නොවිය යුතු බව එහි අවධාරණය කර තිබුණා. ඇය #IMF (ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල) ටැග් කරමින් ඔවුන්ගේ මුදල් යන තැන් සොයා බලන ලෙස ද, තවත් පතොරම් හෝ වෙනත් ඕනෑම දෙයකට අරමුදල් වෙනුවෙන් ඒවා යොමුවිය හැකි බවට අනතුරු අඟවා තියෙනවා. “වැරැද්දක් නොකරන්න” රාජ්‍ය අනුග්‍රහය ඇති ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවක් යුධමය ක්‍රියාවක් වනු ඇති බවත් එහි ප්‍රතිඵල ඉතා දරුණු විය හැකි බව ඇය පෙන්වා දි තිබුණා.

කරීනා කපූර් ද ඉන්ස්ටග්‍රෑම් වෙත ගොස් “Rab Rakha” යනුවෙන් සඳහන් කරමින් (🙏) “ජයි හින්ද්” සහ (ඉන්දීය කොඩිය) දැක්වෙන ඉමෝජි පළ කරමින් පාකිස්තානය වෙත සාමයේ දෑත් දිගු කරනු ලැබුවා.

චිත්‍රපට නිෂ්පාදක අධ්‍යක්ෂක කරන් ජොහාර් ද (🙏 සහ 🧡) වැනි ඉමෝජි එකතු කරමින් සාමයට අත වනා තිබුණා. අනන්‍යා පාණ්ඩේ සහ වරුන් ධවාන් ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවල සටන් විරාම නිවේදනය බෙදා ගෙන ඇති ආකාරයද දක්නට ලැබුණා.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...