ශ්‍රී ලංකා සිතියමේ ඊළම පමණක් ඉතුරු වන සේ කැනඩාවේ චින්කුසි උද්‍යානයේ ඉදිවූ දෙමළ ජන සංහාර ස්මාරකය.. වත්මන් රජයේ ප්‍රතිචාරය කුමක්ද?

2025 මැයි 10 සෙනසුරාදා කැනඩාවේ ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් ප්‍රදේශයේ පිහිටි චින්කූසි උද්‍යානයේ පැවති සැමරුමක් මේ වන විට ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍යවල විශාල ලෙස වෛරල් වෙමින් පවතී.

එහි දී කැනඩාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව අනුස්මරණ සහ යුක්තිය පිළිබඳ බලගතු නව සංකේතයක් ලෙස හඳුන්වාදෙමින් දෙමළ ජන සංහාර ස්මාරකයක් එළිදක්වනු ලැබුවා.

මෙම ස්මාරකය දෙමළ ඊලාම් දළ සටහනක් සහිත පොතක් අල්ලා ගත් දෑතක ආකෘතියක් සහිත ස්මාරකයකි. ශ්‍රී ලංකා සිතියම විදහා දැක්වෙන එම ස්මාරකය ගොඩ නඟා ඇත්තේ උතුර නැගෙනහිර ඇතුළු ඊලාම පමණක් නිරූපනය කරමින් සෙසු කොටස් ඉවත් වන අකාරයෙනි.

පොතේ ඇති දෙමළ ඊළාම් සිතියම ශ්‍රී ලංකා දූපතේ දෙමළ ජනතාවගේ ඓතිහාසික, සාම්ප්‍රදායික සහ මුතුන් මිත්තන්ගේ නිජබිම පිළිබිඹු වන ආකාරයෙන් ගොඩ නැංවූවකි.

ස්මාරකය වටා ඇති පුවරු නවය දෙමළ ඊළාම් දිස්ත්‍රික්ක නවය සංකේතවත් කරන බව සඳහන් ය.

දෙමළ ජාතියට කල් පවතින බලපෑමක් ඇති කළ දෙමළ ජන සංහාරයේ ක්‍රියාවන්හි තෝරාගත් සිදුවීම් පිළිබඳ විස්තර එක් එක් පුවරුවල දැක්වෙන බව ද කියයි.

මෙය ඉදිකිරීමට අනුබලදුන් කොටස්වලට අනුව එම ස්මාරකය මුලිමනින්ම පාහේ ගොඩ නගා ඇත්තේ 2009 මැයි මාසයේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී මියගිය දස දහස් සංඛ්‍යාත දෙමළ සිවිල් වැසියන්ට උපහාරයක් ලෙසයි.

මෙම ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාව කැනේඩියානු දෙමළ දේශපාලනඥයින්, ඩයස්පෝරා ක්‍රියාදරයන්ට සුපුරුදු පරිදි වෛරය සහ ජාතිවාදය වැපිරීම සඳහා සුපුරුදු වේදිකාවක් නිර්මාණය කර දී තිබූණා.

එරට පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයෙකු වන විජේ තනිගසලම් වැනි දේශපාලනඥයින්ට මෙය තනිකරම ජය මඟුලක් වුණා. ජන සංහාරයේ අවසාන අදියර පිළිබඳ සඳහන් කරමින් මතකයන් විනාශ කිරීම, වැරදි ප්‍රතික්ෂේප කිරීම හා සාක්ෂි භූමිදාන කිරීම එහිදී සිදුවුණු බව එහිදී ඔවුන් උද්‍යෝගයෙන් පවසන ආකාරය දක්නට ලැබුණා.

2021 දී යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් අනුස්මරණ ස්මාරකය විනාශ කිරීම දෙමළ ජන සංහාරයේ මතකය මකා දැමීමට සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ වැරදි මුලිනුපුටා දැමීමට මාර්ගයක් වු බව එහිදි ප්‍රකාශ කෙරුණා.

“අද, දෙමළ ජන සංහාරයෙන් අහිමි වූ ජීවිතවලට උපහාර දැක්වීම සඳහා කැනඩාවේ ඉදිකරන ලද දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීමේ ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කරන විට මම ගැඹුරු ගෞරවයෙන් නැගී සිටිමි” යැයි ඔහු පවසනු ලැබුවා.

මෙය සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) විසිනි.

එහිදී පුන පුනා සඳහන් කෙරුණේ මෙම ස්මාරකය දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද ජන සංහාරය ජ්‍යාත්‍යන්තරව පිළි ගැනීම,ජ්‍යාත්‍යන්තර වගවීම සහ යුක්තිය අපේක්ෂා කරන දෙමළ ජනතාවගේ දිගු ඔරොත්තු දෙන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවයි.

කැනඩාවේ මෙවැනි ආකාරයේ පළමු අවස්ථාව වන මෙම ස්මාරකය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ නොසැලෙන සහයෝගය සහ නායකත්වය වෙනුවෙන් බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්, නගර සභාව සහ බ්‍රැම්ප්ටන් ප්‍රජාව වෙත ස්තූති කිරීමටද ඔවුන් පියවර ගෙන තිබුණා.

මෙම සංසිද්ධිය හුදෙකලා තවත් එක් ඩයස්පෝ‍රා නාඩගමක් පමණක් ද? වත්මන් ජාතික ජන බලවේග රජය මෙම සිදුවීම පිළිබඳ නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

චින්කුසි උද්‍යානයේ ඊනියා දෙමළජන සංහර ස්මාරකයක් ගොඩ නැගීමට පෙර පැවති රජයන් වරින් වර විරෝධය පළ කර සිටියා.

ඊට මුල්ගල් තබන අවස්ථාවේ සිටම දැඩි විරෝධතා එල්ල කළා.හිටපු විදේශ අමාත්‍ය අලි සබ්‍රි විටින් විට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා ඊට එරෙහිව බලපෑම් එල්ල කළා.

මෙය කැනඩාව තුළ ඡන්ද ඉල්ලක්ක කරගත් දේශපාලනය පවත්වා ගෙන යාම සඳහා අතිශය අසත්‍ය ආඛ්‍යානයකින් බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් ගනු ලැබූ වැරදි ක්‍රියාමාර්ගයක් බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මෙහි සඳහන් ලංකාවේ ජන සංහාරයක් පිළිබඳ ඊනියා චෝදනාව ද්වේෂසහගත වැරදි තොරතුරු මත පදනම් ව ගොතන ලද එකක් වන අතර එය ජාතික වශයෙන් හෝ ජාත්‍යන්තරව කිසිදු වගකිවයුතු අධිකාරියක් විසින් සනාථ නොකරන බව ඔවුන් පෙන්වා දුන්නා.

පසුගිය වසර දෙක තුළ රට තුළ පැවති ආර්ථික අර්බුදය නොතකා, ගැටුම අවසන් වීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට සහ කල් පවතින සාමයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය නිරන්තරයෙන් උත්සාහයන් දරන අතර, එවැනි බෙදුම්වාදී ක්‍රියාවන් ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමෙන් සහ අසමගිය සහ අවිශ්වාසය වැපිරීමෙන් එම උත්සාහයන් අඩපණ කරනු ලබනවා. ශ්‍රී ලංකාව සහ කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවලට එය අනුමත කළ හැකිද?

ස්මාරකය ඉදිවී අවසන්‍ ය. වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යතුමනි ඔබේ ප්‍රතිචාරය දෙස ලෝකයම බලා සිටී.

Tamil Genocide Memorial unveiled in Brampton after years-long wait

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!