පාකිස්තානයට එරෙහිව මැයි 07 වැනිදා ආරම්භ කළ යුද්ධයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පළමු වරට ජාතිය අමතා පාකිස්තානය හා ඔවුන් අනුබල දෙන ත්‍රස්තවාදයට ප්‍රබල අනතුරු ඇඟවීම් සිදු කරනු ලැබුවා.
ත්‍රස්තවාදය ශූන්‍ය ඉවසීමේ අවශ්‍යතාව නැවත නැවතත් අවධාරණය කරමින් වර්තමානය යුද්ධයන්ගේ යුගයක් නොවන අතරම ත්‍රස්තවාදයේ යුගයක් නොවන බවද අවධාරණය කළා.
“පකිස්තානය අනුබල දෙන ත්‍රස්තවාදය විසින් පකිස්තානය විනාශ කර දමාවි” යුද්ධය ඇති වීමත් සමඟ පාකිස්තානයේ අසරණ හා බලාපොරොත්තු රහිත බව දැනුණු බවයි මෝදි කියා සිටියේ.
ඉන්දියාවේ ශක්තිමත් ගුවන් ආරක්ෂක පද්ධතිය ඉදිරිපිට ඔවුන්ගේ ඩ්‍රෝන යානා සහ මිසයිල පුපුරුවා හරින ආකාරය ලෝකයටම නිරාවරණය වුණා.
“පාකිස්තානය දේශසීමා ප්‍රහාරයකට සූදානම් වූ නමුත් අපි ඔවුන්ගේ හදවතටම පහර දුන්නා.
අපගේ මිසයිල සහ ඩ්‍රෝන යානා ඔවුන් ආඩම්බර පාකිස්තාන ගුවන් කඳවුරු වලට හානි එල්ල කළා. දින තුනකින් ඉන්දියාව කිසි විටෙකත් අපේක්ෂා නොකළ ප්‍රමාණයකට පාකිස්තානය විනාශ කර දැමූ ආකාරය මෝදි ඔහුගේ කතාවේදී අවධාරණය කර සිටියා.
පාකිස්තානයට අවසානයේ සිදුවුණේ බලපෑම් අඩු කරන ලෙස ලෝකය ඉදිරියේ අයැදීමටයි.
ඉන්දියාව පාකිස්තානයට එරෙහිව නොබෝ දා යුද්ධයක් ප්‍රකාශ කළේ ඉන්දියානු පාලිත කාශ්මීර කලාපයේ පහල්ගම් සංචාරක ප්‍රදේශය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.
එම ප්‍රහාරය පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කරන ලද්දේ හින්දු පිරිමි ජාතිකයන් එල්ල කරගනිමිනි.
ඉන්දියානු බිරින්දෑවරු ගණනාවකගේ නළලතින් සින්දූර් ඉවත් කරනු ලැබූ එම මිලේච්ඡ ප්‍රහාරයට ලෙයට ලෙය වන්දි ගැනීමේ මෙහෙයුම ඉන්දියාව විසින් එතැන් සිට නම් කරනු ලැබුවේ ‘සින්දූර්’ මෙහෙයුම ලෙසයි.
අපගේ මව්වරුන්ගේ සහෝදරියන්ගේ දියණියන්ගෙ නළලතින් සින්දූර් ඉවත් කිරීමට ගන්නා ඕනෑම උත්සහයක ප්‍රතිඵලය කුමක්දැයි අද සෑම ත්‍රස්තවාදී සංවිධානයක්ම දනී.මෝදි අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කතාවේදී අවධාරණය කර සිටියා.
තම දේශයට එරෙහි න්‍යෂ්ටික තර්ජන කිසිසේත් ඉවසන්නේ නැති බවයි අගමැතිවරයා සඳහන් කළේ.
පහල්ගම් ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත සිදුවුවහොත් ඉන්දියාවේ සන්නද්ධ හමුදා විසින් ප්‍රතිප්‍රහාර දියත් කිරීම වැළැක්විය නොහැකි බව මෝදි අගමැතිවරයා සඳහන් කළේ ඉන්දියාව සතු යුධ බලය පිළිබඳ තහවුරු කරමින්ය.
ජලය සහ රුධිරය එකට ගලා යා නොහැකි බව කී අගමැති මෝදි ඉන්දියාව සමඟ පාකිස්තානයේ ජල ගැටලුව සාමකාමී සාකච්ඡා මගින් විසඳනු ඇතැයි තමා විශ්වාස කරන බවද මෙහිදී කියා සිටියා.
ගැටුම අතරතුර පාකිස්තානය ඉන්දියාව සතු මිල අධික හා බලගතු රුසියානු නිෂ්පාදිත S-400 මිසයිල ආරක්ෂක පද්ධතියේ තුනෙන් එකක් විනාශ කළ බව සඳහන් කළ අතර අගමැති මෝදී ජාතිය අමතන විට ඔහුගේ පසුබිමින් පෙනෙන්නට තිබුණේද හානියක් වී නොමැති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන S-400 මිසලයක් වීම විශේෂ සිදුවීමක් වුණා.