කැබිනට් පත්‍රිකා හරහා ඉන්දියාවෙන් බාල ඖෂධ ගෙන්නුවොත් ආණ්ඩුව වගකීම භාර ගත යුතුයි

ඖෂධ නියාමන අධිකාරියේ හා රටේ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම උල්ලංඝනය කරමින් කැබිනට් පත්‍රිකා හරහා ඉන්දියාවෙන් ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් හදිසියේ ගෙන්වීම වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විරෝධය පළ කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර බව කියන ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිත ඖෂධ, මෙරට ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පරීක්‍ෂණ ක්‍රම මගහරිමින් භාවිත කර රෝගීන්ට හානියක් වුවහොත් එහි වගකීම සෞඛ්‍ය ඇමැති ඇතුළු බලධාරීන් භාරගත යුතු බවයි එම සන්ධානය පවසන්නේ.

එම සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ ද මේ ආකාරයෙන්ම ගෙන්වන ලද ඖෂධ නිසා මෙරට රෝගීන් මියයන විට ඔවුන් පර්යේෂණාගාර මීයන් හා ඌරන් බවට පත් කරන බවට චෝදනා කළ වත්මන් රජයේ දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින්ම නැවත එවැනි ක්‍රියාවන් කරමින් සිටින බව සඳහන් කර සිටියා.

ඖෂධ නියාමන අධිකාරියේ හා රටේ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම උල්ලංඝනය කරමින් කැබිනට් පත්‍රිකා හරහා ඉන්දියාවෙන් ඖෂධ 300කට ආසන්න ප්‍රමාණයක් හදිසියේ ගෙන්වීමට හැකියාවක් නොමැති බවඔහු එහිදී අවධාරණය කරනු ලැබුවා.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ඖෂධ නියාමන අධිකාරියට මීට පෙර ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩු පවතින බැවින්, එම තත්ත්වය නොසලකා කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය ක්‍රියා කළහොත් සමස්ත කැබිනට් මණ්ඩලයම අධිකරණයට කැඳවීමේ හැකියාව ඇති බවයි.

Latest News

More like this

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...

කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම්...

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...