දින තුනක් බාර් වැසීම නිසා විදේශිකයෝ අතරමං වෙලා… වහන්න කලින් රජය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසලාත් නෑ

වෙසක් උත්සවය නිමිති කරගෙන දින තුනක් සුරා සල් වසා තැබීම නිසා මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයින් අපහසුතාවට පත් වීම පිළිබඳ සංචාරක මණ්ඩලය සුරා බදු දෙපාර්තමේන්තුව වෙත අප්‍රසාදය පළ කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ අදාළ නියෝගය හේතුවෙන් පසු ගිය දින දෙකේ දී සුපිරි හෝටල් සංචාරක නිකේතන විදේශ සංචාරකයින්ට පවා මත්පැන් නිකුත් කර නැහැ. දිවයින පුරා සුරා සල් 12, 13, 14 යන තෙදින තුළ වසා තැබීමට තීරණය කෙරුණේ රජයේ නියෝගයකට අනුවයි.

සංචාරක මණ්ඩලය සුරාබදු දෙපාර්තමේන්තුවට අප්‍රසාදය පළකර ඇත්තේ තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට ද මත්පැන් නිකුත් කළ නොහැකි ආකාරයෙන් මෙවර එම තීරණය ගැනීම සම්බන්ධයෙනි.

කෙසේ වෙතත් සුරා බදු දෙපාර්තමේන්තුව සංචාරක මණ්ඩලය වෙත දැනුම් දී ඇත්තේ තම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එවැනි තීරණයක් නොගත් බවත්, එවැනි තීරණයක් ගැනීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් නොකළ බවත්ය.

මීට පෙර වර්ෂවල තරු පන්තියේ හෝටල්වල නේවාසිකව සිටින විදෙස් සංචාරකයන්ට පමණක් මත්පැන් ලබාදීම සිදුකළ අතර, මෙවර කැබිනට් තීරණයක් මත සුරාසල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිවක් කළ නොහැකි වී ඇති බව ඔවුන් දන්වා ඇති බවයි සඳහන් වන්නේ.

සුරාසල් අද (14 දා) එනම් එක් දිනක් වසා තැබීම නිසා රජයට රුපියල් මිලියන 800ත් 1000ත් අතර ආදායමක් අහිමි වන බවත් අද සුරාසල් වැසීමේ තීරණය පිළිබඳව අපහැදිලිතාවක් පවතින බවත් සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News

More like this

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...

කැලණිය පන්සල අසල වේල්ලේ ජල මට්ටම උපරිමයට එයි.. අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක්

කැලණිය විහාරස්ථානය අසල පිහිටා ඇති හා කැලණිය ප්‍රාදේශීය ලේකම්...

චැලැන්ජ් එකකට ක්ෂණික ආහාර අධික ලෙස ගත් යෝග්‍යතා පුහුණුකරුවාට අත් වූ ඉරණම

ප්‍රසිද්ධ යෝග්‍යතා පුහුණුකරුවෙකු ක්ෂණික ආහාර අධික අත්හදා බැලීමක් අතරතුර...