ජනපතිට ඉන්න කොළඹින් සොයන නිවස ගැන අනාවරණයක්

ජාතික ජන බලවේගයේ ප්‍රබලයෙකුට කොළඹින් නිවසක් සොයන බව යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන ලද්දකි.

එම ප්‍රබලයා දැනට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ හතරවැනි තට්ටුව තමන්ගේ ස්ථාවර නවාතැන වශයෙන් පවත්වාගෙන යන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජික සහ මේ වන විට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කරන වරුණ රාජපක්ෂ මහතා යූ ටියුබ් අවකාශයේ අනාවරණය කර තිබෙනවා.

රාජ්‍ය නායකයාගේ නවාතැන ඔහුගේ ආරක්ෂාවට සෘජුව සම්බන්ධ කාරණාවක් වන බැවින් ඔහු ඒ සම්බන්ධ ආරක්ෂක ප්‍රොටෝකෝලවලට අවනත විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැනට ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සහ පැලවත්ත පක්ෂ මූලස්ථානයේ නවාතැන් ගැනීම ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින බරපතල තත්ත්වයකි.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරය දැනටමත් ප්‍රතික්ෂේප කිරීම නිසා සුදුසු විකල්පයක් සෙවීමට සිදුව ඇතත් රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව රාජ්‍යයේ වගකීමක් යන්නෙන් බැහැර විය නොහැකි බව ඔහු පවසනවා.

දේශපාලන මති මතාන්තර කුමන ආකාරයෙන් පැවතියත් ජනාධිපතිවරයා ඔහුගේ ආරක්ෂාව සහතික කරනු ලබන ස්ථානයක සිටීම කිසිවිටකත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!