මයික්‍රොසොෆ්ට් සමාගමෙන් සේවකයින් 6000ක් දොට්ට..

මයික්‍රොසොෆ්ට් සමාගම සිය ශ්‍රම බලකායෙන් ආසන්න වශයෙන් සියයට 3 ක් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර එය පුද්ගලයින් 6000ක් විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

සමාගම අවසන් වරට ප්‍රධාන වශයෙන් ශ්‍රම කප්පාදුවක් කළේ 2023 වසරේදීය. එම අවස්ථාවේ රැකියා අහිමි වූ ප්‍රමාණය 11,000 කි.

සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ LinkedIn සහ Xbox ඇතුළු සියලුම මට්ටම් සහ භූගෝලීයව කප්පාදු කිරීම් සිදුවනු ඇති නමුත් කළමනාකරණ මට්ටමේ සේවකයින් අවධානයට ලක් වනු ඇති බවයි.

වොෂින්ටන් ප්‍රාන්තයේ පමණක් කාර්යාල සහ දුරස්ථ සේවකයින් යන දෙපිරිස ඇතුළුව සේවකයින් 1,985 දෙනෙකු සේවයෙන් පහ කිරීමට නියමිත බවයි එයින් පැවසෙන්නේ. වොෂින්ටනය පදනම් කරගත් මයික්‍රොසොෆ්ට් මෙම පියවර තීරණය කර ඇත්තේ සිය කාර්යාක්ෂමතාව වැඩි කිරීමට හා මෙහෙයුම් විධිමත් කිරීමට බව එහි සඳහන් වෙනවා.

2024 මාර්තු මාසයේ සිට සමාගම සේවකයින් සියයට 2ක අතිරික්තකයකට ළඟා වීම සේවක කප්පාදුවට ආසන්නතම හේතුව බවයි වාර්තා වන්නේ. සමාගම් දත්ත වලට අනුව, මයික්‍රොසොෆ්ට් ගෝලීය වශයෙන් සේවකයින් 2,28,000 ක් පමණ සේවකයින් නඩත්තු කරනු ලබනවා.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...