කෑන්ස් චිත්‍රපට උළෙලේ රතුපලස මත නිරුවත හා පත ඇඳුම් සම්පූර්ණයෙන් තහනම්

78 වන කෑන්ස් චිත්‍රපට උළෙල අද (මැයි 13) සිට ආරම්භ වෙනවා.

ජ්‍යාත්‍යන්තර සම්මාන උළෙලේ රතු පලස සම්න්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ගැනීමට මෙවර කෑන්ස් උළෙලේ සංවිධායකින් කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව කැන්ස් උළෙලේ රතු පලස මත නිරුවත සහ “අධික ලෙස විශාල” ඇඳුම් මින් ඉදිරියට නිල වශයෙන් තහනම් කර තිබෙනවා.

2022 දී කෑන්ස් රතු පලස මත නිරූපිකාවක් උඩුකය නිරුවතින් පෙනී සිටීම මෙම තීරණයට හේතු වූ බව සඳහන්ය.

මෙම වසර මුලදී ග්‍රැමී සම්මාන උළෙලේදී කැළඹීමක් ඇති කළ බියන්කා සෙන්සෝරිගේ විනිවිද පෙනෙන ඇඳුම ද මෙම තීරණය කෙරෙහි බලපෑම් කරන්නට ඇති බවයි වාර්තා වන්නේ.

උත්සවයේ “ආයතනික රාමුව” සහ ප්‍රංශ නීතියට අනුකූලව උත්සවය පිළිබඳ නිකුත් කළ නිල නිවේදනයෙන් මේ බව ප්‍රකාශ කෙරුණා.

මීට අමතරව උත්සව ප්‍රදර්ශන අතරතුර ටෝට් බෑග්, බැක්පැක් සහ විශාල බෑග් ද තහනම් කර තිබෙනවා. විශාල ඇඳුම් විශේෂයෙන් දිගු අන් අයට බාධා ඇති කරවන ඇඳුම් වර්ගවලට ද නව නීති අදාළය.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...