කැනඩාවේ දෙමළ ජන සංහාරක ස්මාරකය : විජිත ඇහැරෙයි

2025 මැයි 10 සෙනසුරාදා කැනඩාවේ ඔන්ටාරියෝ හි බ්‍රැම්ප්ටන් නගරයේ පිහිටි චින්කූසි උද්‍යානයේ ඉදිකෙරුණු දෙමළ ජන සංහාර ස්මාරකය පිළිබඳ වර්තමාන රජයේ ස්ථාවරය හෙළි නොකිරීම පිළිබඳ වැඩෙන කතිකාව මධ්‍යයේ පළමු වරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඊට ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ඒ අනුව ඊයේ (14) විදේශ අමාත්‍යාංශයේ දී මේ පිළිබඳ රජයේ ස්ථාවරය කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දැනුම් දෙනු ලැබුවා.

එහිදී පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන්’ ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධතාව මහකොමසාරිස්වරයා වෙත එල්ල කිරීමට විදේශ කටුයුතු අමාත්‍ය විජිත හේරත් පියවර ගෙන තිබුණා.

එවැනි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර ජාතික සමගිය, සංහිඳියාව සහ කල් පවතින සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය දරන අඛණ්ඩ උත්සාහයන්ට බාධාවක් සහ සංකීර්ණත්වයක් ඇති කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිය X ගිණුමේ සටහනක් තබමින් ද පැවසීමට කටයුතු කර තිබෙනවා.

ච්න්කුසි උද්‍යානයේ ඊලාම් සිතියම නිරූපනය සේ ඉදි කරනු ලැබූ ස්මාරකය කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය විසින් මුලිකත්වය ගෙන ඉදි කරනු ලැබූ අතර ඊට කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර කවුන්සිලය, බ්‍රැම්ප්ටන් දෙමළ සංගමය සහ බ්‍රැම්ප්ටන් දෙමළ වැඩිහිටි සංගමයේ ද සහය හිමි වුණා.

කැනේඩියානු දෙමළ ප්‍රජාව මෙය අනුස්මරණ සහ යුක්තිය පිළිබඳ බලගතු නව සංකේතයක් ලෙසයි හඳුන්වා දුන්නේ.

Latest News

More like this

කොළඹත් එක නගරයක් විතරයි.. අයවැය පරාජය වීමෙන් ආණ්ඩුවට බලපෑමක් නෑ.

කොළඹ අයවැය පරාජය වීම ආණ්ඩුවේ ගමන් මඟට බලපෑමක් නොවන...

අයවැය පරාජය වුවද ජනවරම පරාජය වී නැහැ.. – බල්තසාර්

සති දෙකක් ඇතුළත අයවැය බලාත්මක කරනවා කොළඹ මහ නගර සභාවවේ...

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...