දිනූ සභා එකකටවත් අත තියන්න දෙන්නෙ නෑ. – ජනපති අනුර

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ පාලන ආයතනවලට විපක්ෂය ඒකාබද්ධ සටනක් ලබා දීමට උත්සහ කරනු ලබන වාතාවරණයක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ඊයේ (14) ප්‍රකාශයට පත් කළා.

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.

ජාතික ජන බලවේගය සභා එකසිය පනස් දෙකක් ආරම්භයේදීම පිහිටුවන අතර ඉතිරි සභා එකසිය පහළොව පිහිටුවන දවසේදී පිහිටුවන බවයි ඔහු අවධාරණය කළේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ විහාර මහා දේවී එළිමහල් රංග පීඨයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ හැටවෙනි සංවත්සර සැමරුම අතරතුරදීය.

“සභා හදලා පුලුවන්නම් මාස් තුන හතරක් යන්න අපි කියන්නේ එච්චරයි දන්නවනේ. නීති මදි නම් තුනෙන් දෙකක් තියෙනවා හොඳේ”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළා.

“දැන් විවිධ අර්ථකථන දෙන පළාත් පාලන මැතිවරණය අරගෙන බලන්න මේ ජයග්‍රහණය තිබෙන්නේ කොතනද? අනුහස් සහිත ප්‍රබන්ධ නායකයින් බිහි කරපු මැදමුලන කොට්ඨාසයත් අපට පරාදයි. කොළඹ නගරාධිපති අපේක්ෂක අපේක්ෂකම සඳහා තරග වැදුණු බොරැල්ල දකුණ කොට්ඨාශය අපේ පොඩි සහෝදරියකට පරාදයි.

බෙදිලා ඡන්දෙ ඉල්ලලා දැන් එකතු වෙන්න හදනවා. මොන ලැජ්ජ නැති වැඩක්ද? මේක ආපහු හරවන්න ඉන්නෙ කවුද? එක සභාවක්වත් දිනන්නෙ නැතුව. ඒගොල්ලො පරණ පුස් ව්‍යාපාර.. බලයේ බලවත්භාවය අපේ ඇඟෙන් මනින්න එන්න එපා.. අඟෙනුත් එකක් දෙකක් ඕන කියල කියනව නම් ඒකත් කියන්න. තව සති දෙක තුනක් යනකොට ඒකත් බලාගන්න. අපේ ව්‍යාපාරය, අපේ ආණ්ඩුව සමඟ ඒගොල්ලො අලගු තියන්නවත් සුදුසු නැහැ”

Latest News

More like this

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...
error: Content is protected !!