කටාර් රාජ්‍යයෙන් ට්‍රම්ප්ට බෝයිං 747 ජෙට් ගුවන් යානයක් තෑගි දෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කටාර් රජ පවුලෙන් සුඛෝපභෝගි ‘බෝයිං-747-8’ වර්ගයේ දැවැන්ත මගී ගුවන් යානයක් තෑගි ලැබීමට නියමිතයි.

ජනාධිපති ට්‍රම්ප් කටාර් රජ පවුර සමඟ සමීප සම්බන්ධතා පවත්වන අතර කටාර් රාජ්‍යය ද සෞදිය මෙන්ම ඇමරිකාවේ හිතවතෙකි.

කලාපීය ගැටලුවලදී ඒවාට ඇමරිකාවට සහාය දෙමින් මැදහත්කරුවෙකුගේ භූමිකාවද කටාර් විසින් ඉටු කරනු ලබයි.

කටාර් රාජ්‍යයෙන් තෑගි කළ ගුවන් යානය ඇමරිකන් ඩොලර් මිලියන 400ක් (රුපියල් කෝටි එකොළොස් දහස් නවසිය හතළිස් අටක් පමණ) වටිනා ගුවන් යානයකි.

ඇමරිකන් ජනාධිපතිවරයා වර්තමානයේ භාවිත කරන බලකොටුවක් වැනි ‘එයාර් ෆෝස් 1’ ගුවන් යානය වෙනුවට කටාර් රාජ්‍යයෙන් පිරිනැමුණු ගුවන් යානය භාවිතයට ගනු ඇති බවද වාර්තා වෙනවා. ලොව වඩාත් සුඛෝපභෝගී ගුවන් යානය ලෙස සැලකෙන මෙහි නිදන කාමර, විසිත්ත කාමර ආදියෙන් සැදුම්ලත් බව පැවසෙනවා.

කෙසේ වෙතත් ඇමරිකන් ජනාධිපතිවරයාට ගුවන් යානයක් තෑගි ලැබීම සම්බන්ධයෙන් ඇමරිකානු දේශපාලනයේ නම් ඇති වී ඇත්තේ මතභේදාත්මක තත්ත්වයකි. ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් ඊට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබීම ඊට හේතුවයි.

ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරුන්ට විදේශවලින් ලැබෙන ත්‍යාග ලබා ගැනීමට නොහැකිය. මෙම සියලු විවේචන මධ්‍යයේ ඇමරිකානු ජනාධිපතිවරයා ත්‍යාගය ලබා ගැනීම ඇමරිකාවේ මුදල් ඉතිරි කිරීමක් ලෙස පෙන්වා දී තිබෙනවා. එම ත්‍යාගය තමාට නොව ඇමරිකානු ගුවන් හමුදාවට සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවට බවයි ඔහු පවසා ඇත්තේ.

Latest News

More like this

ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා සභාව රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරනවා… නලින්ද චෝදනා කරයි

විගණකාධිපතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නම් හතරක්...

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක ණය සහන පැකේජයක්… ණය ඩො. මිලියන 350යි, සහනය ඩො. මිලියන 100යි

'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ ප්‍රදේශ යළි ගොඩනැගීම...

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...