අරගල නායිකාවක් යයි කියාගන්නා දමිතා යකා නටයි…

ගාළු මුවදොර අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් යයි කියාගන්නා රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ තවත් පුද්ගලයෙක් අතර ඇතිවූ දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

අරගලය සමයේ තමා ප්‍රකාශ කළ දේවල් මෙන්ම ක්‍රියාකාරකම් පිළිබඳව දැන් වගකිව නොහැකි බව ඇය එහිදී කියා සිටී.

ලක් අම්මාව බේරා ගන්න එන්නැයි ඇමතූ පුද්ගලයා කල ආරාධනායට ඇය කියා සිටියේ තමන් බන්ධනාගාරයේ සිටියදී ලක් අම්මගෙ පුතුන් පැත්ත පලාතේ නාව බවයි.

කුරුන්දි විහාර ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් ඇමතුම ලබාගත් තැනැත්තා ප්‍රශ්න කරද්දී උණුසුම් සංවාදයක් ඇති විය.

Latest News

error: Content is protected !!