පුංචි ඡන්දයේ බලය ඇල්ලීමට සජබයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක්: නාමලුත් එයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂය මේ වන විට දැඩි සටනක නිරත වී සිටින අතර ඊට අදාළ සාකච්ඡා අඛණ්ඩව සිදු වෙමින් පවතී.

ඒ අනුව සමගි ජන බලවේගයේ විශේෂ සාකච්ඡාවක් අද (17) අද දිනයේ පැවැත්වීමට නියමිතය.

ඊට විපක්ෂයේ පක්ෂ ගණනාවක නායකයින් සම්බන්ධ වන අතර තමාද ඊට සහභාගී වන බව පොදු ජන පෙරමුණේ නායක නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (16) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!