සල්මන් රුෂ්ඩිට ඇසක් අහිමි කළ සාතන්ට වසර 25ක සිර දඬුවමක්

ඉස්ලාමීය දහම විවේචනය කළ ලෝක ප්‍රසිද්ධ ලේඛකයා සල්මන් රුෂ්ඩි ඝාතනය කිරීමට තැත් කළ හදී මාටර් වසර 25ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2022 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝක්හි ෂිටෝකා අධ්‍යාපන ආයතනයේ දේශනයක් අතරතුර, තත්පර 20ක් වැනි සුළු කාල සීමාවකදී රුෂ්ඩිගේ මුහුණ සහ ගෙල ප්‍රදේශයට පිහි පහර 12ක් පමණ එල්ල කළ හදී මටාර් යනු ෂියා මුස්ලිම් අන්තවාදියෙකි.

24 හැවිරිදි මටාර් එම අවස්ථාවේදීම අත් අඩංගුවට ගැනීමට ඇමරිකානු ආරක්ෂක අංශ කටයුතු කළ අතර, ලේ විලක් මැද වැටී සිටි ලේඛකයා හෙලිකොප්ටර් ආධාරයෙන් රෝහල වෙත ගෙන යාමට බලධාරීන් ක්‍රියා කර තිබුණා.

එම ප්‍රහාරයෙන් සල්මන් රුෂ්ඩිට ඔහුගේ දකුණු ඇස සදහටම අහිමි වුණා.

ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය-ඇමරිකානු කතුවරයාට මෙම ප්‍රහාරයෙන් මරණීය තුවාල සිදුවී ඇති අතර හදිසි ශල්‍යකර්මයකට භාජනය කෙරුණා.

බුකර් ත්‍යාගලාභී “The Satanic Verses” සහ “Midnight’s Children” ග්‍රන්ථවල කතුවරයාට පිහි ප්‍රහාරයෙන් පසු දින 18ක් රෝහලේ සහ සති තුනක් පුනරුත්ථාපන කඳවුරක ගත කිරීමට ද සිදු වී තිබුණා.

පසුකාලීනව රෂ්ඩි එම අමිහිරි අත්දැකීම විස්‍තර කරමින් තමාගේ දකුණු ඇස දුටු අවසාන දර්ශනය ලෙස කළු ඇදුමින් සැරසුණු ප්‍රහාරකයා ආසන ප්‍රදේශයේ සිට දකුණු පසින් තමා වෙත එන ආකාරය දුටු ආකාරය විස්තර කරනු ලැබුවා.

“The Satanic Verses” රචනා කිරීම හේතුවෙන් සල්මන් රුෂ්ඩි ඉස්ලමානුවන්ගේ සදාකාලික සතුරෙක් බවට පත් වූ අතර මෙම ප්‍රහාරයට ද මුල් වූයේ එම කෘතිය බවයි සැලකෙන්නේ.

1988 වසරේදී ද “The Satanic Verses” ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ඉරානයේ එවකට නායක අයතුල්ලා රුහොල්ලා කොමේනි රුෂ්ඩි ඝාතනය කළ යුතු අයකු බව ප්‍රකාශ කළා.

ඔහුව ඝාතනය කරන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 3.3 ක් ප්‍රදානය කරන බවට මිලක්ද නියම කෙරුණා.

රුෂ්ඩි ඝාතන ප්‍රයත්නය සිදු වුණේ ඉන් වසර 33කට පසුවය.

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...